ඉන්දු නාවික හමුදාවෙන් ශ්‍රී ලාංකික ධීවරයන්ට පහර දුන් කතාව මහකොමසාරිස් ප්‍රතික්ෂේප කරයි

ඉන්දීය නාවික හමුදාව විසින් ඊයේ (17) ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසකට පහර දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් සාවද්‍ය බව මෙරට පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.

එවැනි කිසිදු සිදුවීමක් වූ බවට වන වාර්තා ප්‍රතික්ෂේප කරන ඉන්දීය මහකොමසාරිස්වරයා ඉන්දීය නාවික හමුදාව තම වගකීම් නිර්දෝශී අයුරින් ඉටු කරන ඉතා විනයගරුක සහ වෘත්තීමය හමුදාවක් බව ද පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සියළු ධීවර ගැටලු, ස්ථාපනය කර ඇති ද්විපාර්ශවීය යාන්ත්‍රණයන් සහ අවබෝධතාවයන් හරහා මානුෂීය ආකාරයකින් විසඳා ගැනීමට ඉන්දියාව දැඩිව කැප වී සිටින බව ද ඉන්දීය මහකොමසාරිස්වරයා අවධාරණය කර සිටී.


Exit mobile version