ඉන්දුනීසියාව කොරෝනා මරණ ලක්ෂයේ සීමාව ඉක්මවයි

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයෙන් විශාල බලපෑමක් එල්ලවී තිබෙන ඉන්දුනීසියාවේ කොරෝනා මරණ ලක්ෂයේ සීමාව අද (4) ඉක්මවා ගොස් තිබේ.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිතයින් ලක්ෂ තිස් පහකට අධික සංඛ්‍යාවක් වර්තා වී ඇති බව ඉන්දුනීසියානු සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර ඇත.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදනය වී මරණය පත්වූවන්ගේ සත්‍ය සංඛ්‍යාව වාර්තාවන්ට වඩා ඉහළ අගයක් ගනු ඇති බවට එරට සෞඛ්‍ය බලධාරීන් සැකපළ කරයි.


වසංගත රෝග පිළිබඳ විශේසඥයෙකු වන වෛද්‍ය ඩෙෆ්රි ජාෆරි රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ ඉන්දුනීසාවේ කොරෝනා වෛරසය ආසාදිතව මරණයට පත්වූවන් පිළිබඳ විධිමත් විගණනයක් කළයුතු බවයි.

බොහොමයක් රෝහල් වල ප්‍රමාණවත් පහසුකම් නොමැති වීමෙන් ජීවිතය මුදා ගැනීමට හැකි පුද්ගලයින්ද වෛරසය වැලදීමෙන් මරණයට පත්වන්නට ඉඩ ඇති බවත් ඒ සම්බන්ධනේ විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඔහු පවසයි.

වෛරසය ආසාදිතයින්කේ ආශ්‍රීතයින් සහ ඔවුන්ට වෛරසය වැලඳුනු ආකාරය සම්බන්ධයෙන් විදිමත් සොය බැලීම් සිදු නොවන බවටද චෝදනා එල්ල වන අතර එවැනි අඩුපාඩු මගින් වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම සිදුවන බවටද සෞඛ්‍ය විශේසඥයින් පෙන්වා දෙයි.

“බොහෙමයක් රෝගීන් රෝහල් වලට එන්නේ රෝගය උත්සන්න වීමෙන් පසුවයි. ඉතින් ඔවුන්ගෙන් බොහොමයක් රෝහල් ගතවී කෙටි කාලයකින් ඉතා අවාසනාවන්ත ලෙස මරණයට පත්වෙනවා” යනුවෙන් වසංගත රෝග විශේසඥයෙකු වන වෛද්‍ය මැස්ඩාලිනා පේන් සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දුනීසියාව ලොව සිව්වැනියට විශාලම ජනගහනයක් වෙසෙන රාජ්‍ය වන අතර ඉකුත් මැයි මාසය වන විට එරටින් කොරෝනා ආසාදිතයිත මරණය පනස් දහසක් වාර්තා වී තිබූ අතර ගතවූ මාසය කිහිපයේදී මරණ සංඛ්‍යාව දෙගුණයක් වී තිබේ.

Exit mobile version