ඉන්දීය විදේශ ඇමතිගේ  ශ්‍රී ලංකා සංචාරයේ දී ඉන්දීය   ධීවර ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා ගන්නා   බව පොරොන්දු වුනා. – තමිල්නාඩු මහ ඇමති ස්ටාලින්

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙවර ඉන්දු -ලංකා ධීවර ප්‍රශ්නය සම්බන්ධයෙන් යම් ස්ථිර සාර වැඩ පිළිවෙළක් ගැන ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කරන බවට තමන්ට  පොරොන්දු වූයේ යැයි තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාර්ලින් අද (20 ) පැවසීය.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින්  මේ බව කියා සිටි මහ ඇමතිවරයා ඉන්දු ලංකා ධීවර ප්‍රශ්නය විසඳීමට නීති රීති සමුදායකට වඩා රීතින් හා චාරිත්‍ර අනුගමනය කිරීම වඩා වැදගත් බව තමන් ඉන්දීය විදේශ අමත්‍යවරයාට පැවසූ බවද සඳහන් කළේය.

නාවික හමුදාව විසින් දෙරටේම ධීවරයින් මාරුවෙන්  මාරුවට අත් අඩංගුවට ගැනීමත් ඔවුන්ව බන්ධනාගාර ගත කිරීමත් නොකළ යුතු කාරණයක් බව පෙන්වා දෙන මහ ඇමතිවරයා දෙරටේම සිටින ධීවරයින් දෙපිරිසට පිළිගත හැකි හා රටවල් දෙකටම අනුගමනය කළ හැකි ආචාර ධර්ම පද්ධතියක් සකස් කිරීමෙන් ඉන්දු – ලංකා ධීවර ප්‍රශ්නය හමාර කර ගත හැකි බව පැවසීය.

ඉන්දීය ධීවරයින්ගේ යාත්‍රා රාජ සන්තක කිරීමේ නීතිය ඉවත් කොට ඒ හා සමානව ශ්‍රී ලාංකික ධීවරයින්ටද එම සහනය ලබා දීම අනිවාර්ය කරුණක් බවද ඔහු සදහන් කළේය.


ඉන්දිය ධීවරයින්ගේ යාත්‍රා      ශ්‍රී ලංකා රජය විසින් වෙන්දේසීයේ විකුණා ලබන අදායමෙන් හරි අඩක් එම යාත්‍රා ව අයත් මුල් අයිතිකරුට ලබා දීමට නීති සැකසිය යුතු බවද හෙතෙම ප්‍රකාශ   කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රියාත්මක වන ධිවර පනත හා ධීවර නීති වත්මන් කාලයට හා තක්ක්ෂණික ලෝකයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමකට ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය වඩාත් ඉවහල් වනු ඇතැයිද ස්ටාර්ලින් ඇමතිවරයා පැවසීය.

Exit mobile version