ඉන්දීය රජයෙන් නැ‍‍‍ඟ‍ෙනහිර ආයෝජන අවස්ථා සොයා බලයි

නැගෙනහිර පළාත තුළ ඉන්දීය ආයෝජන සඳහා පවතින අවස්ථාවන් සහ එහි ආර්ථික සංවර්ධනය උදෙසා ගත හැකි ඒකාබද්ධ ප්‍රයත්නයන් පිළිබඳව වැඩ බලන ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් සහ රාජ්‍ය අමාත්‍ය සහ මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියලේන්ද්‍රන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ (21) කොළඹ දී පැයක් පුරා පැවති මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකාරක ලේකම් සෙන්තිල් තොණ්ඩමාන් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගීතා අංශ ප්‍රධානී එල්ඩෝස් මැතිව් පුන්නූස් යන මහත්වරු ද සහභාගී වූහ.

එසේම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංවර්ධන සහයෝගීතාවය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනුණු අතර මෙහිදී නැගෙනහිර පළාත පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය.


ඉන්දීය රජය නැගෙනහිර පළාතේ ආර්ථික සහ සමාජ සංවර්ධනය උදෙසා සෑමවිටම කැප වී සිටින බව එහිදී අඅවධාරණය කෙරිණ.

2016 වසරේදී සම්පූර්ණ කරන ලද ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර නිවාස 45,000කින් සමන්විත වූ අතර ඒ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් නැගෙනහිර පළාත තුළ ඉදි කරන ලද නිවාස විය.

ඉන්දීය ආධාර යටතේ ප්‍රථමයෙන් බස්නාහිර සහ දකුණු පළාතේ ආරම්භ කරන ලද හදිසි ගිලන් රථ සේවාව 2018 වර්ෂයෙන් පසුව නැගෙනහිර පළාත ඇතුළු අනෙකුත් සියළුම පළාත් වෙත ව්‍යාප්ත කරන ලදී.

කළපු ඔරු, මුහුදු ඔරු, ශීත කාමර සහ අධි ශීතකරණ ට්‍රක් වැනි ඇමරිකානු ඩොලර් මිලියන 1ක් වටිනා
ධීවර උපකරණ නැගෙනහිර පළාතේ අවතැන් වූ ධීවරයන් වෙත බෙදා දෙන ලදී. මෙයට අමතරව, මඩකලපුව සහ ත්‍රිකුණාමලය අතර ධාවනයට රේල් බස් 5ක් සැපයීම සඳහා සම්පූර්ණයෙන්ම ප්‍රදාන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියක් ඉන්දියාව විසින් දැනටමත් භාරගෙන ඇති අතර මෙම රේල් බස් 5ම මේ වන විට ක්‍රියාත්මක වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තව දමධ්‍යම, උතුරු සහ නැගෙනහිර පළාත් ප්‍රධාන අධිවේගී මාර්ග සමඟ සම්බන්ධ කිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 150ක වියදමකින් බස් රථ 85ක් නැගෙනහිර පළාත් සභාවට ලබා දී ඇත.

Exit mobile version