ඉන්දීය මහකොමසාරිස් නිල නිවස ඡායාරූපගත කළ පකිස්ථානුවන් 03ක් අත් අඩංගුවට…

ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිල නිවස ඡයාරූප ගත කළ පකිස්ථානුවන් තිදෙනෙක්  කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ තර්ස්ටන් පාරේ පිහිටි තානාපති නිල නිවස මේ තිදෙනා ඡායාරූප ගත කර වීඩියෝ කර ඇත්තේ ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටිය දී ය.

මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි ලැබීමත් සමත ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පකිස්ථානුවන් තිදෙනා ඇප මත මුදා හැර ඇති අතර මේ මස 25 දක්වා රටින් පිටව යෑම වළක්වමින් නියෝගයක් නිකුත් කර තිබේ.

Exit mobile version