ඉන්දියාව ලෝකෙට දුන්නෙ නැතත් ලංකාවට දෙනවලු… එන්නත ගැන රාජ්‍ය ඇමති චන්න කියයි….

එන්නත් අපනයනය කිරීම   ඉන්දියාව විසින් තාවකාලිකව නවතා දමා තිබුණ ද ශ්‍රී ලංකාව විසින් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වයිරස් එන්නත ඉන්දියාවෙන් ලබා ගන්නා බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය

අවශ්‍ය එන්නත් ප්‍රමාණය මිල දී ගැනීම සඳහා දැනටමත් කර ඇති ඉල්ලීමට ඉන්දියාව විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි අමාත්‍යවරයා කීවේය.

“නුදුරේදීම ලංකාවට ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් ලැබෙනු ඇති…“ ඇමතිවරයා කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නව ද්විත්ව විකෘති කොවිඩ් වෛරස ප්‍රභේදයක් නිසා පැය 24ක් තුළ පනස් දහසකට ආසන්න රෝගීන් ප්‍රමාණයක් ඉන්දියාවේ ප්‍රාන්ත 18කින් වාර්තාව වීමත් සමග ඇස්ට්‍රා සෙනිකා එන්නත නිපදවන ලොව විශාලතම එන්නත් සමාගම වූ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනය එන්නත් අපනයනය කිරීම තාවකාලිකව අත්හිටවූයේය. ඒ දේශීය අර්බුදය වළක්වා ගැනීමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බැවිනි.

Exit mobile version