ඉන්දියාව ලතින් ඇමරිකානු මිත්‍රත්වය වර්ධනය කරගනී

Jayashanka

ඉන්දියාව නිරන්තරයෙන්ම එක් පොළොවක්, එක් පවුලක් එක් අනාගතයක් යන ආදර්ශ පාඨය මත කටයුතු කරන බව විදේශ අමාතය ආචාර්ය එස්. ජයශංකර් පැවසයී.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ පසුගියදා ලතින් ඇමරිකානු රටවල සිදුකල සංචාරය අතරතුරදී එහිදී පැනමා හී පැවති හතර වන ඉන්දියා සිකා අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක් වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ඉන්දියාව මේවන විට අනුගමනය කරන නව ක්‍රමවේදයන් සහ නව තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය. එහිදී ඔහු, “ඩිජිටල් බෙදාහරින්නෙකු විදිහට ඉන්දියාව මේවන කටයුතු කරනවා. එහිදී ඉන්දියාව ආරම්භක උද්යෝගිමත්, එය ලෝකයේ ඔසුසලක් විදිහටත් කටයුතු කරනවා. මෙහිදී ඉන්දියාව දේශගුණික ප්‍රමුඛයෙකු වන සහ විද්‍යා හා තාක්‍ෂණ හවුල්කරුවෙකු විදිහටත් කටයුතු කරනවා,” යනුවෙන්ද ඔහු තවදුරටත් පැවසීය.


“මධ්‍යම ඇමරිකානු කලාපීය ඒකාබද්ධ කරමින් සිකා විසින් ඉටු කරන ලද කාර්යභාරය අපි ඉතාම අගය කරන අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට මෙන්ම විවිධ ජාත්‍යන්තර සහ බහුපාර්ශ්වික සංසදවලදී ඉන්දියාවට සහය දැක්වීම සඳහා ඔබ සාමුහිකව සහ තනිතින වශයෙන් ලබා දුන් වටිනා සහයෝගයට අපි ස්තූතිවන්ත වෙනවා” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසුවේ සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙස, සිකා සාමාජිකයින් පොදු දෘෂ්ටිකෝණයන් බෙදා ගන්නා අතර පොදු ගෝලීය අභියෝගවලට මුහුණ දෙන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අපි කොවිඩ් සහ යුක්රේන ගැටුමෙන් පීඩා විඳින බව මට පැවසිය හැකියි, නමුත් අපට කලින් පවතින තත්වයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා, මේවා දේශගුණික විපර්යාස, දරිද්‍රතාවය අඩු කිරීම සහ ආහාර සහ බලශක්ති සුරක්ෂිතභාවය, ආදී කරුණු ගණනාවකට අයත් වෙනවා.” යනුවෙන්ද ජායිශංකර් විවිධ දේ ඉස්මතු කළේය.

Exit mobile version