ඉන්දියාව ගෝලීය මෙනේරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා බවට පත්විමට සැරසෙයි

millet

ගෝලීය මෙනේරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා බවට පත්වීමේ අරමුණින් ඉන්දීය රජය මෙවර අයවැයින් මෙනේරි නිෂ්පාදනයට වැඩි සහනයක් ලබාදීමට තීරණය කර ඇත.

ඉන්දීය රජයේ මෙම තිරණය සම්බන්ධයෙන් මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් ප්‍රකාශ කර සිටයේ පෝෂ්‍යදායී ධාන්‍යක් වන මෙනේරි ගේලීය වශයෙන් නිෂ්පාදන කිරීමට අවශ්‍ය උපරිම සහය ලබාදීමට ඉන්දීය රජය පියවර ගන්නා බවයි.
මෙනේරිවල සෞඛ්‍ය ප්‍රතිලාභ ගණනාවක් ඇති බව අවධාරණය කරමින්, සීතාරාමන් නිවේදනය කළේ, ජාත්‍යන්තර මට්ටමින් හොඳම භාවිතයන්, පර්යේෂණ සහ තාක්‍ෂණයන් බෙදාගැනීම සඳහා විශිෂ්ටතා මධ්‍යස්ථානය ලෙස හයිද්‍රාබාද්හි ඉන්දියානු මෙනේරි පර්යේෂණ ආයතනයට සහාය දක්වන බවයි.

“ගරු අග්‍රාමාත්‍යතුමා මෑතකදී ප්‍රකාශ කළ පරිදි, ඉන්දියාව, මෙනේරි ප්‍රචලිත කිරීම අතින් ඉදිරියෙන්ම සිටින අතර, එහි පරිභෝජනය පෝෂණය, ආහාර සුරක්ෂිතතාව සහ ගොවීන්ගේ සුබසාධනය වැඩි දියුණු කිරීමත් සිදුකරනවා. අපි ලොව විශාලතම මිනේරි නිෂ්පාදකයා සහ දෙවන විශාලතම අපනයනකරුවායි. සෞඛ්‍ය ප්‍රතිලාභ ගණනාවක් සමඟ, අපි අවුරුදු සියවස් ගණනාවක් තිස්සේ මෙනේරි අපගේ ආහාරයේ අනිවාර්ය අංගයක් වී තිබෙනවා. කුඩා ගොවීන් මෙනේරි වගා කිරීමෙන් සෙසු පුරවැසියන්ගේ සෞඛ්‍යයට දායක වීම සඳහා කරන ලද දැවැන්ත සේවය මම ගෞරව කරනවා, ”සීතාරාමන් පැවසුවාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව ඉදිරියේදී මෙනේරි නිෂ්පාදනය වේගවත් කිරීමටත් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට අදාල කටයුතු සම්පාදනයට ඉන්දිය රජය සෘජුව මැදිහත් වීමට නියමිතය. මෙහිදී මෙනේරි ගෝවීන්ට වැඩි ආදායමක් ලබාදීමටත් එමගින් තවත් විශාල පිරිසක් ඊට ආකර්ෂණ්‍ය කිරීමටත් අපෙක්ෂිතය.

Exit mobile version