චීනය සහ ඉන්දියාව එකිනෙකාට තර්ජනයක් නොවන බවට වන දෙරටේ නායකයින්ගේ සම්මුතීන්ට එකඟව කටයුතු කිරීමට හැකි බව සිය ඉන්දීය සංචාරයේ දී තමන්ට හැගුණේයැයි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.
දෙපාර්ශවයේ මතභේද හසුරුවා ගැනීමට හා කළමනාකරණය කිරීමට හැකි බව එහිදී තමන්ට වැටහුණු බව ද හෙතෙම පවසා තිබේ.
පසුගිය 2020 අප්‍රේල් මාසයේ සිදුවූ ලඩාක් ගැටුමෙන් පසු ඉන්දියාවට පැමිණි පළමු ඉහළ පෙළේ චීන නිලධාරියා වන වැන්ග් මාර්තු 25 වන දින කළ ඉන්දීය සංචාරයේදී ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සමඟ සාකච්ඡා පැවැත්වීය.
ඉන්දියාව සහ චීනය ප්‍රතිවාදීන් ලෙසට වඩා හවුල්කරුවන් බවත්, එකිනෙකා යටපත් කිරීම වෙනුවට එකිනෙකාට සාර්ථක වීමට උපකාර කළ යුතු බවත් වැන්ග් සඳහන් කළ බව ෂින්හුවා ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.
නැගෙනහිර ලඩාක් දේශසීමා ගැටළු ඉක්මනින් අවසන් කළ යුතු බව ඉන්දීය විදේශ ඇමති ජයිශංකර් මෙහිදී අවධාරණය කර ඇති අතර දේශසීමා ප්‍රදේශවල තත්වය අසාමාන්‍ය නම් ද්විපාර්ශ්වික සබඳතා සාමාන්‍ය තත්ත්වයට පත්විය නොහැකි බව ඔහු චීන විදේශ අමාත්‍යවරයාට පවසා ඇතැයි සදහන් වේ.
පසුගිය , 2020 අපේ‍්‍රල් මාසයේ සිට කලාපය තුළ චීනයේ හමුදා යෙදවීම් හේතුවෙන් ඇති වූ ආතතීන් අසල්වැසියන් දෙදෙනෙකු අතර සාමාන්‍ය සම්බන්ධතාවයක් මගින් පමණක් සමනය කළ නොහැකි බව වැන්ග් සමඟ පැය තුනකට ආසන්න පැවති සාකච්ඡාවලදී ජයශංකර් ප්‍රකාශ කර ඇති බව ද විදෙස් වාර්තා කියයි.