බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඉන්දියාව කළේ පට්ට බලු වැඩක්…” චාමර සම්පත් කියද්දී ඉරාන නැවට ගාලු වරායට ඇතුළුවීමට නොදීම ගැන මුජිබර් ප්‍රශ්න කරයි!

by editor
මාර්තු 5, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉරාන නෞකාවට  ප්‍රහාරය එල්ල කිරීම  සම්බන්ධව අද පාර්ලිමේන්තුවේ දී සංවාදයක් ඇතිවිය.  මේ සංවාදය ඇති වන්නේ ආණ්ඩුව ජාත්‍යාන්තර නීතිය පැහැර හරිමින් සිය අනන්‍ය මුහුදු සීමාවේ දී යුද අපරාධ කිරීමට ඉඩ හැරීම සම්බන්ධවය.

මේ අපරාධය සම්බන්ධව රජය ප්‍රකාශයක් සිදුකළ යුතු බවත් එම නිල ප්‍රකාශයේ මේ ප්‍රහාරය එල්ල කළේ කවුද, එය ටෝපිඩෝ ප්‍රහාරයක ද නැද්ද එම ප්‍රහාරය හෙළ දකිනවාද නැද්ද පැහැදිලි ස්වරූපයක් තිබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය. ඔහු කීවේ ජාත්‍යාන්තර මාධ්‍ය ටෝපිඩෝ ප්‍රහාරයක් ගැන කියන විට රජය එම මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කළ බවය. එවැනි තත්ත්වයක් ඇති වීම බරපතල තත්ත්වයක් බව ඔහු කීවේය. මේ වනවිට ඉරාන නෞකාවක් කොළඹ වරාය අසලට පැමිණ ඇති බැව් කී විපක්ෂ නායකවරයා ඇති වී තිබෙන්නේ නැවත වරක් ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් බැව් ද පැවසුවේය.

විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ රජය ඉන්දියානු සාගර කලාපයේ සාමය වෙනුවෙන් සිය වගකීම පැහැර හැර ඇති බවය. මේ සම්බන්ධව බරපතලම චෝදනාව එල්ලවන්නේ විපක්ෂ මන්ත්‍රී මජුබර් රහුමාන්ගෙනි.  ඔහු කීවේ ඉන්දියාව මිත්‍ර රටවල් 74ක් සමග පැවැත්වූ මෙම නාවික අභ්‍යාසයට නන්දිමිත්‍ර නෞකාවත් සහභාගී වුන බවය. නැව් 42ක් සහ අහස් යානා 29ක් ඊට එක් වූ බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කීවේය.

මේ පවතින තත්ත්වය අනුව  ඉරානයට යා නොහැකි ගාලු වරාය ආශ්‍රිත ජාත්‍යාන්තර  මුහුදේ පැය 11ක් තිස්සේ රැඳී සිටි බවත්, ඒ පැය 11 බලාගෙන සිටියේ ගාලු වරායට ප්‍රවේශ වීමට අවසර ඉල්ලා එම අවසරය ලැබෙන තුරු බවත්ය.  ඉන්දියානු සාගර සාම කලාපයක් වෙනුවෙන් ජාත්‍යාන්තර ප්‍රඥප්තිවලට අත්සන් කර ඇති ශ්‍රී ලංකාව මෙම නෞකාවට ගාලු වරාය ප්‍රවේශය සඳහා ඉඩ නුදුන්නේ කුමණ පදනමකින් දැයි ඔහු පාර්ලිමේන්තුවේ දී විමසුවේය.

“ මේ තොරතුරු ඇමරිකානු  හමුදාවට   ගියා. ඒ වෙනකොට සම්මැරීන් එකක් අවට තිබුණෙ නෑ . ගල්ෆ් කලාපයේ ඉඳන් තමයි  ආවේ. ජාත්‍යාන්තර ප්‍රඥප්තිවලට අත්සන් කරලා තිබෙද්දි  ඇයි මේ නැවට වරායට එන්න ඉඩ දුන්නේ නැත්තේ. “ මුජිබර් රහුමාන් ඇසුවේය.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

මේ අවස්ථාවේදී කතා කළ චාමර සම්පත් කීවේ ඉන්දියාව මේ කළේ බලු වැඩක් බවය. අපට පරිප්පුවක් දීම සඳහාම කළ මේ බලුවැඩේ කරමින් ඉන්දියාව ඉරානයේ මිනිසුන් ගෙන්වා ඝාතනය කළ බව චාමර සම්පත් පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. තමන් ආරාධනා කර ගෙන්වූ ආරාධිතයෙක් ආරක්ෂා කිරීමේ වගකීම අත්හැර එම ආරාධිතයා පිටත් කර යැව්වේ ඔහුට සිය රටට යෑමට නොහැකි බව හොඳින්ම දැනගෙන බව කී මන්ත්‍රීවරයා කළ හැකි දෙයක් නොමැතිවීම නිසා නෞකාව ගාල්ලට නුදුරු ජාත්‍යාන්තර මුහුදට පැමිණි බව අවධාරණය කළේය.  ඔහු යෝජනා කළේ ඉන්දියාව වැනි ජාතියක් මෙවැනි බලු වැඩක් නොකළ යුතු බවය.

සියල්ලට පිලිතුරු දුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ අවස්ථාවේ ආණ්ඩුව සමග ඇති කෝන්තර පිරිමසා ගැනීමට හෝ තවත් ජන කොටසක් කුපිත කිරීමට කටයුතු නොකර ලෝක පරාමාණයේ අභියෝගයක දී වගකීම් සහිත ප්‍රකාශ කරන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.

රජයක් ලෙස ගැටලු ඉතාම අවම වෙන මට්ටමින් ජාත්‍යාන්තර ප්‍රඥප්තිවලට අනුකූලව කලාපයේ සාමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වග වෙමින් කටයුතු කරන බවත්, සියලුම තොරතුරු අවශ්‍ය මොහොතේ පාර්ලිමේන්තුවට දන්වන බවත් ඔහු පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් ඉරාන නැවක් කොළඹ වරාය ආසන්නයේ… ජාතික ආරක්ෂාවට තර්ජනයක්… පාර්ලිමේන්තුවේ දී සංවාදයක් ඇති වෙයි…

Next Post

ඉන්දියා ඇත්තටම බලු වැඩක් කළා ද?… ඉරාන නෞකාව සම්බන්ධව ඉන්දියාවට නැගෙන චෝදනා සම්බන්ධව තවත් කතාවක්!

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.