ඉන්දියාවේ ශුද්ධ ගංගාවල කොවිඩ් සිරුරු පාවේ… ඉවත් කරන මල සිරුරකට රුපියල් 500ක්

කොවිඩ් වසංගතය රට වසාගෙන පැතිරෙත්ම ඉන්දියානුවන් ස්වකීය ශුද්ධ වූ ගංගාවන් ලෙස සලකන ගංගා හා යමුනා  නදීන්හි  කොවිඩ්  ආසාදිතව මිය ගිය පුද්ගලයන්ගේ මල සිරුරු පාවෙමින් ඇති ආකාරය  ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේය.

ඔවුන් වාර්තා කළේ අද උදෑසන වනවිට යමුනා සහ ගංගා නදීන්හි  ඒ අසල පිහිටි ගම්මානවල කොවිඩ් වසංගතයෙන් මිය ගිය පුද්ගල සිරුරු සියයකට අධික ගණනක් පාවෙමින් තිබූ බවය.

පසුගිය දින කිහිපය තුළ ඉන්දියාවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව හාරදහස ඉක්මවා යෑමත් සමග ආදාහනය කිරීමට ඇති අපහසුව නිසා සිරුරු මෙසේ ගංගාවල පා කර යැවීමට ගම්වැසියන් කටයුතු කර ඇතැයි විශ්වාස කරන බව මේ පිළිබඳ අදහස් දක්වමින් බිහාර් සහ උත්තර් ප්‍රදේශ් බලධාරීහු මාධ්‍ය වෙත කියා තිබුණහ.


“ හැම පැයකටම සැරයක් මල සිරුරු දෙකක් තුනක් ගංගාවල පාවෙමින් තියෙනවා.“ ඇසින් දුටුවෝ කියා තිබුනහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ගංඟා ඉවුරු ආශ්‍රිතව රැඳී තිබෙන සහ පාවෙමින් ඇති මළ සිරුරක් ඉවත් කරන අයෙකුට එක් මළ සිරුරක් සඳහා ඉන්දියානු රුපියල් 500 බැගින් ගෙවීමට බිහාර් ප්‍රාන්ත බලධාරීන්හු අද තීරණය කළහ.

Exit mobile version