ඉන්දියාවේ කෘෂිකර්මයට කෘත්‍රිම බුද්ධියත් වැඩට ගනී

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෘෂිකර්මය වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කර ඇති ඉන්දියාව මෙවර 2023-24 අයවැයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් අමරිකානු ඩොලර් බිලියන 14කට ආසන්න මුදලක් ද, කෘෂිකර්කෘමයේදී කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම සහ නව තාක්ණෂය ඇතුළු  කෘෂි අධ්‍යාපනය වෙනුවෙන් බිලියන 1.1කට ආසන්න මුදලක් ද වෙන් කර ඇති බව යූනියන් කෘෂිකර්ම අමාත්‍ය නරේන්ද්‍ර සිං තෝමාර් පවසයි.
කෘෂිකර්මය රටේ ප්‍රධාන ආදායම් මාර්ගවලින් එකක් වන අතර රට ස්වයංපෝෂිත කරමින් රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරනු ලබයි. ලෝකයේ භූමි සම්පතෙන් සියයට 12ක් සහ ගෝලීය ජල සම්පතෙන් සියයට 4ක් පමණක් භාවිතා කරමින් ලෝක ජනගහනයෙන් සියයට 18කට ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කිරීමේ හැකියාව ඉන්දියාවට දැනටත් තිබෙන බව ‘ඒඑන්අයි’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ඉන්දියාවේ ගොවීන් රටේ කෘෂිකාර්මික දේශගුණික කලාප 20 ක්ල ප්‍රධාන දේශගුණික කලාප 15 ක් සහ ඉන්දියාවේ ඇති පස් වර්ග 46 ක් හොඳින් ප්‍රයෝජනයට ගෙන ඇත. එලෙසම බිලියන 1.4ක් වන ජනතාවට ආයෝජන හා රජයේ සහයෝගය ලබා දෙමින් ගොවිතැන් අංශය සවිබල ගන්වා තිබේ.
රජයේ උත්සාහය හේතුවෙන් මේ වනවිට කෘෂිකර්ම අංශය වඩාත් සංවර්ධිත වී තිබෙන අතර 2020 – 21 දී එහි වර්ධනය සීයට 3.6ක් වූ අතර කොවිඩ් වසංගතය සමඟ එහි වර්ධනය සීයට 3.9ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

Exit mobile version