ඉන්දියාවෙන් යාපනය සහ කොළඹ අතර ගුවන් සේවයක්!

දිනසේන රතුගමගේ

ඉන්දියානු ගුවන් යානා යොදා ගෙන යාපනය හා කොළඹ අතර මගී  ගුවන් සේවා කටයුතු ඉතා ඉක්මනින්ම ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කොට ඇති බව  යාපනයේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්   රාකේෂ් නට්රාජ් ජෙයබාස්කරන්  ඊයේ ( 15 ) යාපනයේදී පැවසීය.

යාපනයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් පසුව මාධ්යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් ඔහු මේ බව කියා සිටියේය.

දැනට සතියකට සිව් වතාවක් චෙන්නායි හා යාපනය අතර ක්‍රියාත්මකවන ගුවන්  ගමන් නිසා ආර්ථික වාවලට අමතරව තවත්  වාසි ගණනාවක්ම රටවල් දෙකටම අත්පත් වී ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්වරයා  යාපනය හා කොළඹ අතරද ගුවන් සේවා කටයුතු ආරම්භ කිරීමෙන් තවත් වාසි රැසක් අත්වන බව ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට යාපනය හා චෙන්නායි අතර පවත්ගෙන යන ගුවන් සේවාවන් යාපනයේ සිට ඉන්දියාවේ සෙසු ගුවන් තොටුපලවල් කරාද ව්යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.


Exit mobile version