ඉන්දියාවේ තෙලගානා ප්‍රාන්තයේ Ichor Biologics Pvt. Ltd, ආයතනයෙන් ගෙනවු බැලූ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් තොගයක් වහාම ක්‍රියාත්මකවන පරිදි සියලුම රජයේ රෝහල්වලින් සහ ආයතනවලින් වහාම ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය විසින් දන්වා තිබේ.
වෛද්‍ය සැපයුම් අංශයේ වැඩබලන අධ්‍යක්ෂ වෙද්‍ය දේදුන් ඩයස්ගේ අත්සන සහිතව මේ සම්බන්ධව කරන ලිඛිත දැන්වීම පසුගිය 10 වැනිදා නිකුත් කර ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2023.09.08. දිනැති ආරක්‍ෂාව සහ අවදානම් ඇගයීම් අනුකමිටු (SAFRESC) නිර්දේශය මත පදනම්ව මෙම නිෂ්පාදනය වහාම භාවිතයෙන් අත්හිටුවන බව ද වෛද්‍ය සැපයුම් අංශය පවසයි.
මෙම නිෂ්පාදනයේ ඇති සියලුම කාණ්ඩ පිළිබඳ විස්තර ජාතික ඖෂධ තත්ත්ව සහතික රසායනාගාරයේ අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දීම අදාල සියලුම ආයතන ප්‍රධානින්ගේ වගකීමක් බවද එම ලිපියෙන් අවධාරණය කර තිබේ.








