ඉන්දියාවෙන් ඇණවුම් කළ තොග ප්‍රමාදයි.. ඔක්සිජන් අර්බුදයේ බිහිසුණු ඇත්ත රාජ්‍ය ලේකම්වරයා හෙළි කරයි…

ඔක්සිජන් මත යැපෙන රෝගියෙක් නොවීමට හැකි සියලු දේ කිරීම මේ මොහොතේ ජාතික වගකීමක් සේ සලකන්න...

Black-Fungus

රටේ දෛනික ඔසිජන් නිශ්පාදනය ඉක්මවමින් ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළ යද්දී දැනට ගබඩා කර ඇති අතිරික්තය අවසන් වී යන බවත් එය ආවරණය කරගැනීම සඳහා ඉන්දියාවෙන් සතියකට වරක් ගෙන්වා ගැනීමට ඇණවුම් කර ඇති ඔක්සිජන් ටොන් තුන්සියය ප්‍රමාද වන බවත් ඖෂධ සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක පැවසීය.

මේ තත්වය තුළ ඔක්සිජන් මත යැපෙන රෝගීයෙකු නොවී හැකි පමණ ආරක්ෂා වීම සෑම පුද්ගලයෙකුගේම යුතුකම මෙන්ම වගකීමක් යැයිද ඔහු පෙන්වාදේ.

රට තුළ දෛනිකව ඔක්සිජන් නිෂ්පාදිත ප්‍රමාණය ටොන් 77ක් වන නමුත් මේ වන විට කොවිඩ් වයිරසය ආසාදනය වූ රෝගීන්ගේ දෛනික අවශ්‍යතාව ඔක්සිජන් ටොන් 85 දක්වා ඉහළ ගොස් ඇතැයි ඖෂධ සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සඳහන් කරයි.

මේ වන විට හදිසි අවශ්‍යතාවන් සදහා ගබඩා කර තිබෙන ඔක්සිජන් ප්‍රමාණයන් පවා භාවිතයට ගැනීම සිදුව ඇති බවත්ක ර්මාන්ත ශාලාවන්වෙත ඔක්සිජන් නිකුත් කීරීම පවා නවතා දමමින්රෝ හල්වල අවශ්‍යතාව සැපයීම ආරම්භ කර ඇතැයි වෛද්‍ය රත්නායක පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මීට දින කීපයකට පෙර වාර්තා වූයේ දැනට ඇති ඔක්සිජන් සංචිතය ප්‍රමාණවත් වන්නේ සතියක් සඳහා පමණක් බවයි.


 

Exit mobile version