ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය යළිත් ලංකාවෙන් හමුවේ… මාරාන්තික බ්‍ර්තාන්‍ය ප්‍රහේදයක් පැතිරෙන්න පටන් අරන්..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.
බ්‍රිතාන්‍යයේ පැතිර යන B 117 (ඇල්ෆා) ප්‍රභේදය මෙරට ප්‍රදේශ කීපයක් පැතිර යන බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ජෛව විද්‍යායතනය මගින් කළ පරික්ෂනයන්ගෙන් තහවුරු වූ බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සදහන් කරයි.

මෙම ප්‍රභේදය ත්‍රිකුණාමලය, කරාපියටි, කුලියාපිටිය, මඩකලපුව ඇතුළු ප්‍රදේශ ගණනාවකින් හදුනා ගත් බවද ඔහු පැවසීය.

තවද ඉන්දියානු ප්‍රභේදයක් ලෙස සැලකෙන B 1.617.2 (ඩෙල්ටා) ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු වාද්දුව නිරෝදායන මධ්‍යස්ථානයකින් හමු වී ඇති අතර එම වයිරසය ආසාදනය වූ දෙවන පුද්ගලයා මොහු බවද ඔහු පෙන්වාදේ.

මෙරට පැතිර යන නව කොවිඩ් ප්‍රභේදයන් මොනවාද යන්න පිලිබද නිරන්තරයෙන්ම සොයා බලමින් සිටින බවත් පසුගිය ජූනි 01 වන දින ආරම්භ කල ජෛව සාම්පල පරික්ෂාවේදී මෙම ප්‍රභේදයන් හදුනා ගත් බවත් වෛද්‍ය ජීවන්දර සදහන් කළේය.

Exit mobile version