ඉන්දියන් අපරාධකරුවෙක් හිරේ සිට චොක්ලට් එවා ජැකොලයිනවත් වටේ යැවූ හැටි

මූල්‍ය විශුද්ධිකරණය සහ වංචා කිරීමේ සිදුවීමක වින්දියකු ලෙස පෙරේදා ප්‍රශ්න කිරීම්වලට ලක් වූ ශ්‍රි ලාංකික බොලිවුඩ් නිලි ජැකලයින් ෆර්නැන්ඩස්ට මෙම වංචා සිද්ධියේ  ප්‍රධාන සැකකරුවා වන සුකේෂ් චන්ද්‍රෙස්කර් නැමැත්තා තිහාර් බන්ධනාගාරයේ සිට ව්‍යාජ නමකින්   ප්‍රභූවරයකු වේශයෙන් පෙනී සිට කතා කර ඇතැයි හෙළි වී තිබේ.

එමෙන්ම මේ පුද්ගලයා ඇය වෙනුවෙන් අතිශය වටිනා මල් කළඹක් ද එවා ඇති ආකාරය විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මේ පිළිබඳව අද පලවුණු ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව සුකේෂ් චන්ද්‍රෙස්කර් ජැකලයින්ට  තම නියම නාමය හදුන්වා දී නැත.


දැනට බන්ධනාගරගතව සිටින ඔහු වෙනත් නමකින් තමා හදුන්වා දි දුරකථන සබඳතා පවත්වාගෙන ගොස් තිබේ.

ජැකලයින්ට ඔහු කෙරෙහි යම් විශ්වාසයක් ගොඩ නැගුණු පසුව ඔහු විසින් අතිශයින්   මිල අධික මල් සහ චොක්ලට් ඇය වෙනුවෙන් එවා ඇත. කෝටි ගණනක මුදල් වංචාවක වින්දියකු බවට ජැකලින් ෆර්නැන්ඩස් ද පත්ව ඇති බව එම විමර්ශන බලධාරීන් මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. ඒ බව හෙළි වී ඇත්තේ සුකේෂ් විසින් ලබා ගන්නා ලද දුරකථන ඇමතුම් විශ්ලේෂණය කිරීමෙන් පසුවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට සුරේෂ් චන්ද්‍රෙස්කර්  දිල්ලියේ රෝහින් බන්ධනාගාරයේ   සිරගතව සිටින්නේ ඉන්දිය ව්‍යාපාරිකයකුගෙන් කෝටි 200ක කප්පකමක් ලබා ගැනීම සම්බන්ධයෙනි.     ඔහුට මෙවනිම තවත් නඩු 20ක් පමණ ඉන්දීය අධිකරණවල විභාග වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Exit mobile version