ඉදිරි සති කීපය තුළ බිත්තරයක් රුපියල් 80 වේවි… රජයේ පශු වෛද්‍යවරු කියති!

අද වන විට බිත්තරයක්   රුපියල් 50 ක මිලට පවතින්නේ බිත්තර පරිභෝජනයෙහි පහත වැටීම හේතුවෙන් බවත් ඉදිරි උත්සව සමයේ බිත්තර පරිභෝජනය ඉහළ යන බැවින් බිත්තරයක මිල රුපියල් 80 දක්වා ඉහළ යා හැකි බවත් රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි පවසයි.

ඔහු මේ බව පැවසුවේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ තිස් දෙවැනි සංවත්සරය වෙනුවෙන් අද (02) පෙරවරුවේ පැවති උත්සව අවස්ථාවකට එක් වෙමිනි.

මේ වන විට බිත්තර නිෂ්පාදකයින් මුහුණපා තිබෙන සත්ව ආහාර හිඟවීමේ ගැටලුව උග්‍ර අතට පත්වෙමින් තිබෙන බවත් එය විසඳීම සඳහා රජයට පැහැදිලි විසඳුමක් තිබිය යුතු බවත් සභාපතිවරයා මෙහිදී කිවේය.

ගැටලු නිරාකරණය කිරීම සඳහා  බලධාරීන් සාකච්ඡා සම්මන්ත්‍රණ පවත්වමින් පමණක් සිටින බව කී සභාපතිවරයා  සමාජයේ පවතින ඇත්ත ගැටලුව නිරාකරණය කිරීම සඳහා බිම් මට්ටමට පැමිණ ව්‍යවසායකයින් දිරිමත් කිරීමට ක්‍රියාත්මක විය යුතු බව පැවසුවේය


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික පශුවෛද්‍ය සමිත් ප්‍රශාන්ත කුමාර  ද මේ අවස්ථාවේ අදහස්  දැක්වූයේය.

Exit mobile version