ඉදිරි මහ කන්නයට සම්පූර්ණ පොහොර සහනාධාරය සූදානම්

මහින්දානන්ද පාර්ලිමේන්තුවේ දි පොරොන්දු වෙයි....

රට තුළ තවත් දින පහළොවක් වැනි කෙටි කාලයකට පොහොර හිඟයක් පවතිනු ඇතිමුත් ඉන් අනතුරුව වාර්ෂිකව වී ගොවිතැනට අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් තුන්ලක්ෂ පනස් දහසට අමතරව තවත් මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක් ගොවින් වෙත ලබා දීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

කෘෂිකර්ම ඇමැතිවරයා අද පාර්ලිමේන්තුව අමතමින් වැඩි දුරටත් කිවේ ඉදිරි මහ කන්නය සඳහා වී ගොවිතැනට අවශ්‍ය පොහොර සහනාධාරය සම්පූර්ණයෙන්ම ලබා දෙන බවය.

මෙට්‍රික් ටොන් එකක් රුපියල් 1500 ක මිළකට අනෙකුත් භෝග වගාවන් සඳහා අවශ්‍ය පොහොරද හිඟයකින් තොරව ලබා දෙන බව ඔහු පැවසුවේය.


පොහොර මෙට්‍රික්  ටොන් තුන් ලක්ෂ අසූපන්දහසක් වී ගොවිතැන සඳහා වසරකට අවශ්‍ය බව කී ඇමැතිවරයා එම ප්‍රමාණය තවත් මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසකින් ඉහළ දැමීමට අමැති මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී මයන්ත දිසානායක විසින් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අමැතිවරයා මේ බව පැවැසීය.

Exit mobile version