ඉදිරි දෙසතිය තුළ සෑම සහල් කිලෝවක්ම රුපියල් 25 -50 මිලකින් වැඩි වෙනවා…  සහල්  නිශ්පාදකයෝ අනතුරු අඟවති!

මනම්පිටිය නිමල් ජයරත්න –

ඉදිරි දෙසතිය තුළ අනිවාර්යෙන්ම සෑම සහල් කිලෝවක් සඳහාම   රුපියල් 25 ත් 50 ත් අතර මිලකින් ඉහළ යෑමට නියමිත  බවත්, රජය වහාම සහල් සඳහා උපරිම සිල්ලර මිල ගැසට් කළ යුතු බවත් ලංකා සහල්  නිෂ්පාදකයින්ගේ සංගමය අද සවස 3:00  ට පොළොන්නරුව සේවාගම ප්‍රදේශයේ දී කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක දී අනාවරණය කළේය.

ලංකා සහල්   නිෂ්පාදකයින්ගේ සංගමයේ  සභාපති සුරාජ් ජයවික්‍රම එහි ලේකම් මුදිත් පෙරේරා   විසින් සාකච්ඡාව කැඳවා තිබිණි.

මෙහිදී එම  සංගමය වැඩිදුරටත් සඳහන් කළේ වර්තමානයේ  පවතින පොහොර  අර්බුදය හමුවේ ඉදිරි මහ කන්නයේ වී තොග වෙළඳපොළට පැමිණීම් 50% කින් පහල බසින බවය.


,මෙම තත්ත්වය මත රට තුළ සහල්  හිඟයක් පැන නගින බවත් මේ තත්වය මත   ඉදිරියේ දී    සෑම සහල් කිලෝවකම පාරිභෝගිකයාට දරාගගත නොහැකි අන්දමින් ඉහළ යනු ඇති බවද ලංකා සහල්  නිෂ්පාදකයින්ගේ සංගමය පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා   සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම මෙසේ කීවේය.

Suraj-Jayawicrama

“මේ වන විට  මහා පරිමාණ සහල් මෝල් හිමියන් වැඩි වැඩි මිලට ගනිමින් සිටිනවා. ඒත් සමගම සහල් මිල ද දිනෙන් දින ඉහළ  යමින් පවතිනවා. අද වෙන් විට ආණ්ඩුව සහල් පාලන මිලෙන්   ඉවත්වෙලා සති දෙකක් වෙනවා. මේ අතර කාලය තුළ පමණක් සෑම සහල් කිලෝවක් රුම රුපියල් දහයක් පහළොවක් අතර ඉහළ ගිහිල්ලා තිබෙනවා.

දැන් දිනෙන් දින සහල්   පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවට මුහුණ පාමින් සිටිනවා. පොළොන්නරුවේ   මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් ප්‍රකාශ කළා සහල් පැකට්ටුවල තිබෙන මිලට වඩා වැඩිය දීලා සහල් ගන්න එපා කියලා. නමුත් දැන් වෙළඳපොලේ හාල්   හිතු හිතූ මිලට අලෙවි  වෙන්වා. මේකේ වගකීම් ගන්නේ  කවුද?. රජය ද?.

මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ  ලංකා සහල්  නිෂ්පාදකයායන්ගේ සංගමයේ ලේකම් මුදිත්  පෙරේරා මෙසේ කීවේය.

“මේ රජය  බලයට පත් පත් කිරීම සඳහා, මහා පරිමාණ මෝල් හිමියන් දැවැන්ත ධනයක් වියදම් කළා. එම වියදමට   කළගුණ සලකනු වස් අද මෙම ආණ්ඩුව එම මහා පරිමාණ මෝල් හිමියන්ට තමන්ට ඕන මිලකට හාල්  විකුණගන්න කියා පැත්තකට වී බලා ඉන්නවා.

අපි ආණ්ඩුවට කියන්නේ රටේ බත් කන මිලියන විසි දෙකක්වන ජනතාව ගැන මීට වඩා හිතන්න  කියලා. ගජ මිතුරන්ට   සැලකීමෙන් අයින් වෙන්න. දැන් ඔය ඇති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපි දැක්කා ආණ්ඩුව බොහොම හදිස්සියේ පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කළා. දඩය රුපියල් ලක්ෂයක් කළා.  දැන් බලන් ඉන්නවා  ක්‍රියාත්මක කරන්න බැරි නීතියක් මොකටද සම්මත කර ගත්තේ. පාරිභෝගික  අධිකාරියේ සභාපතිතුමාට කියන්නේ යුද හමුදාවේ ගෞරවය ආරක්ෂා කරමින් සභාපතිකම දාලා  ගෙදර යන්න කියලා.

 

Exit mobile version