ඉදිරියට සංචරණ සීමා තීරණය වන්නේ පුද්ගලයින්ගේ හැසිරීම අනුවයි..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංචරණ සීමාව තවත් දීර්ඝ කරන්නේද යන්න පිලිබදව නිරන්තරයෙන්ම සාකච්ඡා කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

පුද්ගලයින්ගේ හැසිරීම අනුව කොවිඩ් රෝග ව්‍යාප්තිය සලකා බලා සංචරණ සීමාවන්ගේ කාල සීමාවන් තීරණය වනු ඇතැයිද ඔහු පවසයි.

රජය සංචරණ සීමා ඉවත් කළ ද සෑම පුද්ගලයෙකුම තම තමන් ස්වයං සංචරණ සීමාවක් පනවා ගැනීමට කටයුතු කළ හැකි නම් රජය සංචරණ සීමාවන් දැම්මත් නොදැම්මත් කොවිඩ් රෝගය පාලනය කර ගත හැකි බව විශේෂඥවරයා පෙන්වාදේ.

Exit mobile version