ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට ක්‍රීඩාව සපුරා තහනම්

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට මලල ක්‍රීඩා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තලේබාන් පාලනය පියවර ගෙන තිබේ.

එරට වාර්තා සදහන් කළේ, ඉස්ලාමීය නීතියට සහ සංස්කෘතියට අනුව ක්‍රීඩාවේ යෙදීමට කාන්තාවන්ට අවස්ථාව දෙන බව තලේබාන් පාලනය විසින් ප්‍රකාශ කර තිබුණත් ප්‍රායෝගිකව එය සිදුනොවන බවයි.

ක්‍රීඩා කිරීමට තබා ශාරීරික ව්‍යායාම කිරීමටවත් ක්‍රීඩා සමාජ වෙත පිවිසීමට කාන්තාවන්ට අවස්ථාව නොලැබෙන බව එම වාර්තා පවසයි.


කාන්තාවන්ට වෙනම අංශයක් වෙන් කර පුහුණුකාරිණියන් යටතේ පමණක් ක්‍රීඩා කිරීමට සහ පුහුණුවීමට අවස්ථාව සලසා තිබුණත් එයටද මේ වන විට තහංචි වැටී ඇති බව ඇෆ්ගනිස්තානයේ ක්‍රීඩා සමාජ පවත්වාගෙන යන්නන් පවසා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්වය හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ ක්‍රීඩා සමාජ, ව්‍යායාම් මධ්‍යස්ථාන ආදී ස්ථාන රැසක් වැසී ගොස් ඇති බව ද පැවසේ.

Exit mobile version