ඇෆ්ගන් රජයක් බටහිර ලෝකය තාමත් පිලිගැනීමට සූදානම් නැහැ

Afghanistan

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ පිහිටවූ රජය බටහිර රාජ්‍යයන් විසින් තවමත් පිළිගැනීමට සූදානම් නොමැති බවත් එබැවින් සහන සැලසීම් ගැටලු සහගතවී ඇති බවද ඇෆ්ගනිස්ථානයේ යුරෝපා සංගම් තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව රාජ්‍යයක් ලෙස පිලිගැනීමක් සිදු නොකරන පසුබිමක් තුල ඇෆ්ගනිස්ථානය තුල ඇතිව තිබෙන මානුෂීය අර්බුදය සහ දැඩි සාගත තත්ත්වය පාලනය කිරීමට තලේබාන් පාලනයට ආධාර දීම සිදු කර නොහැකි බවද තානාපතිවරයා පෙන්වා දී ඇත.

මෙහිදී ඇෆ්ගනිස්ථානය තුල මතුව ඇති තත්ත්වය බටහිර රාජ්‍යයන් හොදින්ම අවබෝධකරගෙන ඇති බවත් ඊට සහයදීමට කිසිඳු පැකිලීමත් නොමැති බවද පෙන්වා දී ඇති තානාපතිවරයා ඒ අනුව ආධාර රජයට ලබා දීමකින් තොරව සෘජුව ජනතාවට ලබාදීමට පියවරගෙන ඇති බවද සඳහන් කර තිබේ.


දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන ආකාරයට තලේබාන පාලනය බටහරි රාජ්‍යයන් විසින් පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔවුන් රට ව්‍යවස්ථාවට අනුකූලව බලයට පත්වීමක් සිදු නොවූ බැවිනි.

එම තත්ත්වය හමුවේ සමස්ථ දළ දේශීය නිෂ්පාදිතය පාහේ විදේශ ආධාර මත යැපුනු ඇෆ්ගනිස්ථානය දැඩි අරබුදයකට මුහුණදී ඇත. එහිදී ඇෆ්ගනිස්ථානය තුල දැඩි ආහාර හිඟයක් නිර්මණය වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වය ඉදිරියටද පැවතිය හොත් ඉදිරියේදී ඉතා දරුණු ප්‍රතිවිපාක එරට වැසියන්ට මුහුණ දීමට සිදුවිය හැකි බව ජාත්‍යන්තර විශේලේෂකයින් පෙන්වා දෙයි.

Exit mobile version