ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූ විගණන නිලධාරියා ලලිත් අඹන්වල අභාවප්‍රාප්ත වෙයි

නිසි ලෙස රාජකාරිය ඉටු කිරීම නිසා වරක් විරුද්ධවාදන්ගේ දරුණු ඇසිඩ් ප්‍රහාරයකට ලක් වූ හිටපු අතිර්ක විගණකාධිපති ලලිත් අඹන්වල මහතා අභාවප්‍රාප්ත විය.

රාජකාරිය නිසි ලෙස ඉටු කළ නිලදාරියකු ලෙස සැලකෙන අඹන්වල මහතා විගණන නිලධාරියකුව සිටියදී මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිදුවූ අකටයුතුකම් පිළිබඳව සිදු කරන ලද විගණනයක් හේතුවෙන් 2002 වසරේ මැයි මස 20 වැනිදා මහනුවර අස්ගිරියේදී දී ඇසිඩ් ප්‍රහාරයකට ලක් විය.

එවකට විගණන නිලධාරියකුව සිටි අඹන්වල මහතා විශ්‍රාම යන විට අතිරේක විගණකාධිපතිවරයකු ලෙස සේවය කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු විසින් සිදු කරන ලද මෙහෙය වෙනුවෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ජාතික සුපිලිපන් සම්මානය ද පිරිනැමීය.

Exit mobile version