ඇස්ට්‍රාසෙන්කා දෙවනි මාත්‍රාව රුපියල් 5000කට විකුණන හැටි GMOA ඇමතිනියට කියයි…

Covishild

කොවිඩ් මර්දනය සදහා ලබා දුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට රුපියල් 5000ක මුදල්  ලබා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබි ඇති බැවින් ඒ  සම්බන්ධයෙන්   කඩිනම් පරික්ෂණයක් පවත්වන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිනියගෙන්  හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කරයි.

රට තුළ  ක්‍රියාත්මක වන කොවිඩ් මර්දන වැඩ සටහන තුලදී මහජනතාවට පැන නගින ගැටලු සම්බන්ධයෙන් දැනුම් දීම සදහා සංගමය පසුගියදා ක්ෂණික දුරකථන අංක  දෙකක් එලි දැක්වු බවත් මේ වන විට එම දුරකථන අංක දෙක ඔස්සේ කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සිදුකරන වංචනික ක්‍රියාවන් රාශීයක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බවත් සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.ී

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා රුපියල් 5000ක මුදලක් අයකරන බවට එක්තරා ආයතනයක් සිය  සාමාජිකයන්ට ඊමේල් පණිවිඩයක් යවමින්  දන්වා ඇතැයිද ඒම ඊමේල් පණිවිඩයේ පිටපතක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ලැබී ඇතැයි වෛද්‍ය සෙනාල් මහතා අවධාරණය කරයි.


එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පූර්ණ අයිතිය පවතිනුයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා ඇතුලු කන්ඩායමට  බව පෙන්වා දෙන වෛද්‍ය සෙනාල්   සදහන් කරනුයේ මෙම වංචනි වැඩපිළිවෙළ 2සම්බන්ධයෙන් වහාම විමර්ෂණයක් කර වංචනිකයන් රටට හෙළි කරන ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එන්නතරක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැමිණිලි විශාල වශයෙන් ලැබෙමින් පවතින බැවින් එන්නත්කරණ වැඩපිළිවෙල ප්‍රජා වෛද්‍ය විශේෂඥයෙකු යටතට පවරා එය නියාමනය කිරිම සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පත් කරන මෙන්ද සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියි.

 

Exit mobile version