ඇවෙන්ඩ්රා ගාර්ඩ්න් හෝටලයේ හිමිකරු සතුව තිබූ ගිනි අවි හතරක් පසුගිය මැයි මස 09 සහ 10 දෙදින තුළ ඇතිවූ කලහකාරී සිද්ධීන් අතරතුර දී අතුරුදහන් වී ඇතැයි පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසය නිවේදනය කරයි.
මෙසේ අස්ථානගත වී ඇත්තේ රිපීටර් වර්ගයේ ගිනි අවි දෙකක්, 0.38 රිවෝල්වරයක් සහ බෝර 12 තුවක්කුවකි.
ගිනි අවි අස්ථානගතවී ඇති බව දන්වමින් හෝටලයේ හිමිකාරිත්වය විසින් පසුගිය 11 වැනිදා මිගමුව පොලිස් ස්ථානය වෙත පැමිනිල්ලක් යොමු කර ඇත.
ඉන් මාස තුනකට පසු පසුගිය බ්රහස්පතින්දා (11) පොලිස් මූලස්ථානය දිවයිනේ සියලුම පොලිස් ස්ථානයන්, සියලුම කොට්ඨාසවල අපරාධ විමර්ශන ඒකක වෙත නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය දන්වා සිටින්නේ මේ ගිනි අවි අස්ථානගතවීම සම්බන්ධව පරික්ෂණ දැඩි අවධානයකින් යුතුව පවත්වන ලෙසය.
මෙම ගිනි අවි පාතාලා අපරාධ කණ්ඩායම් අතට පත් වී ඇතිදැයි පොලිසියට සැක පහළ වී ඇතැයි වාර්තා වේ.