fbpx
සිකුරාදා, සැප්තැම්බර් 22, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඇවන්ට්ගාඩ්ලා අන්තවාදීන්ට අවිපුහුණුව දුන්නාදැයි සොයන්න”  

චම්පික කොමිසමට කියයි

Lanka Sara Editor by Lanka Sara Editor
ජූලි 6, 2020
in පුවත්
0
Share on FacebookShare on Twitter

• ආණ්ඩුව නිරෝධායන නීති පදනම් කරගෙන මර්ධනය කරන්නෙ විපක්ෂය විතරයි
• මහින්ද රාජපක්ෂම පිළිගත්ත අන්තවාදී පිරිස්වලට තමන්ගේ රජය පඩි ගෙව්ව බව
• අන්තවාදී ත්‍රස්තවාදීන් සමඟ ඇතැම් දේශපාලන බලවේග සහ ව්‍යාපාරික බලවේග කටයුතු කරල තියෙනවා
• මැතිවරණ උණුසුම නිසා කෝවිඩ් වසංගතය යටපත්වෙලා

පසුගිය රාජපක්ෂ යුගයේදී ඇවන්ට්ලාඩ් ආයතනය විදේශීය නාවුක ආරක්ෂකයින්ට අවි පුහුණුව ලබා දී ඇති බව වාර්තා වන අතර ඒ පුහුණුව ලබා ගත් අය අතර ඉස්ලාමික අන්තවාදීන්ද සිටියේද නැත්ද යන්න පිළිබඳව විමර්ශණය කරන ලෙස තමන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කෙරෙන ජනාධිපති කොමිසමෙන් ඉල්ලා සිටි බව හිටපු අමාත්‍ය සහ ජාතික සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මහමැතිවරණ අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා අද ප්‍රකාශ කළේය.

RelatedPosts

නීපා වෛරසය ගැන බිය වෙන්න එපා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!

අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…

බූරු මූණා මෙහෙයවමින් මිනී මැරූ පාතාලයා, ලලිත් කන්නංගර ඩුබායි හි දී අත් අඩංගුවට….

මෙම කොමිසම ඉදිරියේ ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු අමාක්‍යවරයාට දන්වා තිබූ අතර අද පෙරවරුවේ ඔහු එහි පැමිණ සාක්ෂිය ලබා දී නික්ම යන මොහොතේ මාධ්‍ය අමතමින් මේ බව සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ පාඨලී දම්පික රණවක මහතා “  මම විශේෂයෙන්ම අවධාරණය කළා, මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් මුස්ලිම් අන්තවාදීන් අතර ක්‍රියාත්මක වෙන බවට තොරතුරු බොහොම පැහැදිළිව කාලාන්තරයක් තිස්සේ ආරක්ෂක අංශවලට ලැබී තිබුණ බව. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා 2019 පස්වෙනි මාසෙ පේරාදෙණියේ රාජෝපවනාරාමයට ගිය වෙලාවේ එහි ප්‍රධාන ස්වාමීන් වහන්සේ වන කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමිපාදයන් වහන්සේට කරන ප්‍රකාශයක් පිළිබඳවත්. එතෙන්දි එතුමා පිළිඅරගෙන තිබුණා මේ අන්තවාදී පිරිස්වලට රජයේ බුද්ධි අංශ විසින් පඩි ගෙව්ව, තොරතුරු ලබාගත්තා, ඒවට ඇතුල්වෙලා කටයුතු කළා කියල. එහෙම තත්ත්වයක් තිබුණ නම් ඒ කවර පුද්ගලයින්ට ද? මේ අන්තවාදී, මූලධර්මවාදී ඉස්ලාමීය පිරිස්වල කවර පුද්ගලයින්ට ද ඒ මුදල් ගෙව්වෙ ? කවර පුද්ගලයින්ගෙන් ද තොරතුරු ගත්තේ ? ඒ අයගෙන් මේ තොරතුරු ලැබුණෙ නැද්ද , එහෙමත් නැත්නම් ඒ අය මේ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සම්බන්ධ ද නැද්ද ? කියන එක පිළිබඳවත් විශේෂ විමර්ශනයක් අරඹන හැටියට මම එහිදී ඉල්ලා සිටියා.

 

ඒ වගේම අපිට වාර්තා වෙලා තිබුණා විශේෂයෙන්ම රාජපක්ෂ යුගයේ වකවානු ගණනාවක ඇවන්ගාර්ඩ් ආයතනය විදේශීය නාවුක ආරක්ෂකයින්ට සන්නද්ධ පුහුණුව ලංකාවෙදි ලබාදෙන ක්‍රියාවලියක්. මෙවැනි ඉස්ලාමීය අන්තවාදීන් ඇවන්ගාර්ඩ් ආයතනයේ පුහුණුව ලබාගත්ත ද ඒ අය මේවට සම්බන්ධද කියන එක පිළිබඳවත් විශේෂ විමර්ශනයක් කරන ලෙස මම කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියා.

මම මේ රටේ ජනතාවට කියන්නේ ප්‍රධාන වශයෙන්ම මේ අන්තවාදී ත්‍රස්තවාදීන් සමඟ යම් යම් දේශපාලන බලවේග, යම් යම් ව්‍යාපාරික බලවේග ක්‍රියාකරල තියෙනවා, පටු දේශපාලනික ක්‍රියාවලියෙන් ඔබ්බට ගිහිල්ල ඒ සියලු දෙනා සම්බන්ධයෙන් මේ කොමිෂන් සභාව සොයල බලල ඒ සියලු දෙනාම හෙළිදරව් කරන්න කටයුතු කරන්න ඕන.

මගේ අල් ජිහාඩ් අල් කයිදා කියන කෘතිය නිකුත් වුණේ 2003 වසරේ. එහි සඳහන් වෙලා තිබුණෙ විශේෂයෙන්ම අර ඔලුවිල් වල ඒ වකවානුවේ පැවතිච්ඡ සාම සාකච්ඡා කාලේ අග්නිදිග කලාපයේ වෙනම රාජ්‍ය්‍යක් පිහිටුවීමට ඇතැම් මුස්ලිම්වරු ක්‍රියාකිරීම පිළිබඳවත් එහි ඓතිහාසික  තත්ත්වය මොකක් ද, අනාගත තත්ත්වය මොකක්ද කියන කාරණායි. මම ආරක්ෂක මණ්ඩල සාමාජිකයෙක් නෙවෙයි. නමුත් මේ ක්‍රියාවලිය පිළිබඳව රාජපක්ෂ යුගයේ සිටන් ම එනවා. යහපාලන කාලෙ ඉඳන් එක එකක් නෙවෙයි.

මහින්ද රාජපක්ෂ මහත්තයම පිළිඅරගෙන තියෙනව ඒ වකවානුවේ මේ අන්තවාදී පිරිස් වලට ඇතුල් වුණා ආරක්ෂක අංශවල බුද්ධි අංශ. ඔවුන්ට පඩි ගෙව්වය කියල. ඒව ඒ අය විසින් විමර්ශනය කරන්න ඕන.

යහපාලන යුගයේ වුවත්, රාජපක්ෂ යුගයේ වුවත්, මේ වර්තමාන කාලෙ වුණත් සිදුවුණු දේවල් පිළිබඳව. බුද්ධි අංශ, බුද්ධි අංශ කියල එගොල්ලන්ව කිසිම ආකාරයක නියාමනයන්ට ලක්විය යුතු නෑ. මොකද ඒගොල්ලො කරන දේවල්වලින් සමහරවිට රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දේශපාලන බලපෑම නිසා. ඒ නිසා ඒ පිළිබඳව විමර්ශනයක් කරන්න ඕන කියල මම ඉල්ලීමක් කළා.

තව සතියක් දෙකක් යනකොට කෝවිඩ් වසංගත තත්ත්වයක් එක්ක පවතින සෞඛ්‍ය නියාමනයන් එක්ක කටයුතු කරයි කියල මම හිතනවා. ඒක සෞඛ්‍ය බලධාරීන්ගෙත් වගකීම. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හා මැතිවරණ කොමිසමට, මැතිවරණය පැවැත්වීම සඳහා නීතිමය කටයුතු හරියට සිද්ධවෙලා නැහැ කියල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරනවා. ඒවාට වහාම පිළියම් යොදල නීතිමය තත්ත්වය, නිරෝධායන තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වීමට ලබාදෙන්න ඕන කියල.

ඒ වගේම අපි බොහොම පැහැදිළිව කියනවා අද මේ ආණ්ඩුව නිරෝධායන නීති පදනම් කරගෙන මර්ධනය කරන්නෙ විපක්ෂය විතරයි. කවුරුහරි පෝස්ටරයක් ගැහුවොත් ඒක ඉරනව. නමුත් අද පේනවා ඔබලාට කොළඹ නගරයේ මහින්ද රාජපක්ෂ මහත්තයගේ පෝස්ටර් දිදුලනව. ඒවා පොලීසියට පේන්නෙ නෑ. පොලීසියට මැතිවරණ කොමිසම නියෝගයක් දුන්නත් ඒව කරන්නෙ නෑ, ඒ අයගෙ කාර්යාල, ඒ වගේම පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාවක් මේ නිරෝධායනයට මුවා වෙලා ලබාදීල තියෙනවා. ඒ ගැන අපේ බලවත් විරෝධය පළ කරනවා.

නිරෝධායනයක් රටේ අවශ්‍යයි.  රටේ වසංගත තත්ත්වයක් තියෙනවා, මැතිවරණ උණුසුම නිසා ඒක යටපත්වෙලා තිබුණත් තාමත් රෝගීන් හමුවෙනවා. ඒ නිසා නිරෝධායන නීති රීති වලට අනුකූලව පවත්වන්න ඕන. ඒ සඳහා අවශ්‍ය නීති රීති සම්පාදනයට සෞඛ්‍ය බලධාරීන් මැතිවරණ කොමිසමට උදව් කරන්න ඕන. නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේක මගහැරියොත් මේ තත්ත්වය තවත් උග්‍ර විය හැකි බවද හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කර සිටියේය

Tags: නවතම
Share95Tweet45

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

කොවිඩ් වෛරසයෙන් බේරෙන්න රන් මාස්ක් එකක් පැළඳි මිනිසෙක්

Next Post

කොරෝනාවෙන් බැට කෑ හෝටල් ඇතුළු සංචාරක අංශයේ සේවකයන්ට වැටුප් ගෙවන වැඩපිළිවෙළක් 

RelatedPosts

නීපා වෛරසය ගැන බිය වෙන්න එපා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!
පුවත්

නීපා වෛරසය ගැන බිය වෙන්න එපා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!

සැප්තැම්බර් 21, 2023
අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…
පුවත්

අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…

සැප්තැම්බර් 21, 2023
බූරු මූණා මෙහෙයවමින් මිනී මැරූ පාතාලයා, ලලිත් කන්නංගර ඩුබායි හි දී අත් අඩංගුවට….
පුවත්

බූරු මූණා මෙහෙයවමින් මිනී මැරූ පාතාලයා, ලලිත් කන්නංගර ඩුබායි හි දී අත් අඩංගුවට….

සැප්තැම්බර් 21, 2023
Next Post
කොරෝනාවෙන් බැට කෑ හෝටල් ඇතුළු සංචාරක අංශයේ සේවකයන්ට වැටුප් ගෙවන වැඩපිළිවෙළක් 

කොරෝනාවෙන් බැට කෑ හෝටල් ඇතුළු සංචාරක අංශයේ සේවකයන්ට වැටුප් ගෙවන වැඩපිළිවෙළක් 

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • Dhanishka

    පෙර ආත්මයක බැඳීමක් දක්වා ගිය ධනුෂ්කගේ ස්ත්‍රී දූෂණ චෝදනා කතාව!

    246 shares
    Share 98 Tweet 62
  • මහනුවර මහ නගරසභාවේ සේවය හැර ගිය සුළු සේවකයෙකුට අවුරුදු 04ක් තිස්සේ ලක්ෂ 17ක වැටුප් දීලා…

    273 shares
    Share 109 Tweet 68
  • පුරාවිද්‍යා නිලධාරීන්ගේ බරපතල විරෝධය මැද   වසර 350ක් පැරණි ඕලන්ද බඩු ගබාඩව බිඳ  දැමීමට වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය අවසර දෙයි….

    244 shares
    Share 98 Tweet 61
  • සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

    236 shares
    Share 94 Tweet 59
  • අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…

    198 shares
    Share 79 Tweet 50
  • මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ රහසිගත අවි ගබඩාවක්!

    174 shares
    Share 70 Tweet 44

නවතම ලිපි

නීපා වෛරසය ගැන බිය වෙන්න එපා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!

නීපා වෛරසය ගැන බිය වෙන්න එපා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!

by editor
සැප්තැම්බර් 21, 2023
0

අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…

අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…

by editor
සැප්තැම්බර් 21, 2023
0

බූරු මූණා මෙහෙයවමින් මිනී මැරූ පාතාලයා, ලලිත් කන්නංගර ඩුබායි හි දී අත් අඩංගුවට….

බූරු මූණා මෙහෙයවමින් මිනී මැරූ පාතාලයා, ලලිත් කන්නංගර ඩුබායි හි දී අත් අඩංගුවට….

by editor
සැප්තැම්බර් 21, 2023
0

පණ පිටින් වල දැමූ බිළිඳිය පණ පිටින්ම ගොඩ ගනී… ළදැරිය දැඩි සත්කාර ඒකකයේ..

මාස එක හමාරක සහ මාස දෙකක ළදරුවන් දෙදෙනෙක් ලක්ෂ 20කට විකුණන්න යද්දී කොටු වෙයි!

by editor
සැප්තැම්බර් 21, 2023
0

මහනුවර ප්‍රධාන බාලිකාවක ශිෂ්‍ය නායිකාවක් පාසල් වෙලාවේ දී ගොඩනැගිල්ලක පළමු මහලින් පහළට පැනලා….

12 හැවිරිදි දරුවන් දෙදෙනෙකුගේ ගැටුමකින් එක් දරුවෙක් රෝහලේ… බෝතල් කටුවකින් අනිකාව කපලා….

by editor
සැප්තැම්බර් 21, 2023
0

නවතම ලිපි

election

පළාත් පාලන මැතිවරණයට ලබා දුන් නාම යෝජනා අවලංගු කරයි…

by editor
සැප්තැම්බර් 21, 2023
0

Sarath Fonseka

සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

by editor
සැප්තැම්බර් 21, 2023
0

ඉන්දියාව කැනේඩියානුවන්ට විසා නිකුත් කිරීම නවත්වයි!

ඉන්දියාව කැනේඩියානුවන්ට විසා නිකුත් කිරීම නවත්වයි!

by editor
සැප්තැම්බර් 21, 2023
0

උසස් පෙළ සරසවි ප්‍රවේශ දිස්ත්‍රික් ප්‍රතිශතයන් නිකුත් වේ

උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනය ලබන සතියේ ප්‍රකාශ කරනවා… අධ්‍යාපන ඇමති කියයි!

by editor
සැප්තැම්බර් 21, 2023
0

Dhanishka

පෙර ආත්මයක බැඳීමක් දක්වා ගිය ධනුෂ්කගේ ස්ත්‍රී දූෂණ චෝදනා කතාව!

by editor
සැප්තැම්බර් 21, 2023
0

පොළොන්නරුව මඩකපු පාරට යාබද තමන්ගේම ගෙවත්තේ දී වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට… ගම්මු පාර වසා උද්ඝෝෂණය කරති!

පොළොන්නරුව මඩකපු පාරට යාබද තමන්ගේම ගෙවත්තේ දී වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට… ගම්මු පාර වසා උද්ඝෝෂණය කරති!

by editor
සැප්තැම්බර් 21, 2023
0

දේශිය දෙමුහුම් බඩඉරඟු ප්‍රභේදයෙන් සාර්ථක අස්වැන්නක්… ආනයනික ප්‍රභේදවලට වඩා ඵලදාව වැඩියි…

දේශිය දෙමුහුම් බඩඉරඟු ප්‍රභේදයෙන් සාර්ථක අස්වැන්නක්… ආනයනික ප්‍රභේදවලට වඩා ඵලදාව වැඩියි…

by editor
සැප්තැම්බර් 21, 2023
0

පුරාවිද්‍යා නිලධාරීන්ගේ බරපතල විරෝධය මැද   වසර 350ක් පැරණි ඕලන්ද බඩු ගබාඩව බිඳ  දැමීමට වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය අවසර දෙයි….

පුරාවිද්‍යා නිලධාරීන්ගේ බරපතල විරෝධය මැද   වසර 350ක් පැරණි ඕලන්ද බඩු ගබාඩව බිඳ  දැමීමට වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය අවසර දෙයි….

by editor
සැප්තැම්බර් 21, 2023
0

රජයේ රෝහල්වල සායන අක්‍රීයයි… වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ ගොඩ ගැසේ…

කළුකඩ කාරයන්ගෙන් හදිසි මිලදී ගැනීම් සපුරා  නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තීරණයක්!

by editor
සැප්තැම්බර් 20, 2023
0

ජේ.සී.බී යන්ත්‍රයකට යටවී  මතුගම 12 හැවිරිදි   පාසල් දරුවෙක් පාසල ඉදිරිපිට දීම මිය යයි!

ජේ.සී.බී යන්ත්‍රයකට යටවී මතුගම 12 හැවිරිදි පාසල් දරුවෙක් පාසල ඉදිරිපිට දීම මිය යයි!

by editor
සැප්තැම්බර් 20, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

සැප්තැම්බර් 17, 2023
මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ රහසිගත අවි ගබඩාවක්!

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ රහසිගත අවි ගබඩාවක්!

සැප්තැම්බර් 18, 2023
තිලීපන් සමරුවට ප්‍රහාරයක්… ජාතික කොඩිය සහිත මුගුරකින් සෙල්වරාසා ගජේන්ද්‍රන්ට පහර දෙයි… පහර දී රථයක වීදුරු කුඩු කරන අයුරු වීඩියෝවක…

තිලීපන් සමරුවට ප්‍රහාරයක්… ජාතික කොඩිය සහිත මුගුරකින් සෙල්වරාසා ගජේන්ද්‍රන්ට පහර දෙයි… පහර දී රථයක වීදුරු කුඩු කරන අයුරු වීඩියෝවක…

1
නීපා වෛරසය ගැන බිය වෙන්න එපා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!

නීපා වෛරසය ගැන බිය වෙන්න එපා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!

සැප්තැම්බර් 21, 2023
අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…

අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…

සැප්තැම්බර් 21, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • නීපා වෛරසය ගැන බිය වෙන්න එපා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!
  • අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…
  • බූරු මූණා මෙහෙයවමින් මිනී මැරූ පාතාලයා, ලලිත් කන්නංගර ඩුබායි හි දී අත් අඩංගුවට….

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.