ඇමෙරිකාවේ වොල්මාර්ට් සහ ෆ්ලිප්කාට් ඉන්දියාවේ පොඩි පොඩි ව්‍යාපාරවලට උදව් කරයි!

ඇමෙරිකාවේ ජනප්‍රිය ඉ වානිජ්‍ය වෙබ් අඩවියක් වන ෆ්ලිප්කාර්ට් සහ එහි මව් සමාගම වන වොල්මාර්ට් සිපිරි ළෛඳසැල් සමූහය ඉනදියාවේ ජාතික කුඩා කර්මාන්ත සංස්ථාව (එන්එස්අයිසී) සමඟ එරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ව්‍යවසායන් (එම්එස්එම්ඊ) සඳහා ඒකාබද්ධව හැකියාවන් ගොඩනැගීම වේගවත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් (එම්ඕයූ) අත්සන් කරන බව ඉන්දියාව නිවේදනය කර ඇත.

මේ බව වාර්තා කරන ‘බිස්නස් ස්ටෑන්ඩර්ඩ්’ වෙබ් අඩවිය පවසන්නේ නවදිල්ලියේ පැවති ‘වෝල්මාර්ට් ව්රිද්දි සෙලර්’ සමුළුවේදී මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇති බවයි. ඒ සමඟින් ‘වෝල්මාර්ට් ව්රිද්ධි’ සැපයුම් සංවර්ධන වැඩසටහන යටතේ එම්එස්එම්ඊ සාමාජිකයින් 20 000ක්ගේ පුහුණුව ද ආරම්භ කරන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“විශේෂයෙන්ම වසංගත කාලපරිච්ඡේදය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පුහුණුව සහ ධාරිතා ගොඩනැගීම සඳහා වෝල්මාර්ට් ප්‍රධාන දායකත්වයක් ලබා දී ඇත. ඉන්දියානු ක්ෂ්‍රද්‍ර සහ සුළු පරිමාණ අංශයේ දැනට මිලියන 110කට වඩා වැඩි පිරිසක් සේවය කරන ව්‍යවසායකයන් මිලියන 63ක් ඇත. රට තුළ වර්ධනය වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට වෝල්මාර්ට් හි අඛණ්ඩ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා..” ඉන්දියාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අමාත්‍ය නාරායන් රනේ මහතා උත්සවය අමතමින් පැවසීය.


Exit mobile version