ඇමෙරිකාවේ ප්රබලතම රාජ්‍ය නිලධාරිනියක වන ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ප්‍රධානියා වන සමන්තා පවර් මහත්මිය දින දෙකක නිල සංචාරයක් සඳහා අද සැප්තැම්බර් (10-11 දක්වා) පැමිණෙයි. ඇය රජයේ නිලධාරීන්, පෞද්ගලික අංශයේ නියෝජිතයන්, මෙන්ම මෙරට ගොවි ජනතා නියෝජිතයින් සහ අනෙකුත් ශ්‍රී ලාංකිකයන් හමුවී සංකීර් ණ හදිසි තත්ත්වයෙන් වඩාත් පීඩාවට පත් වූවන් ඔවුන්ගේ ජීවිතවලට බලපා ඇති ආකාරය සහ ඔවුන් නැවත ගොඩනඟා යථා තත්ත්වයට පත් වන විට එක්සත් ජනපදය ඔවුන්ට හොඳම සහාය ලබා දෙන්නේ කෙසේද යන්න සාකච්ඡා කරනු ඇති බව එම නියොජ්ිතානයතන පවසයි. . පවර් මහත්මිය ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා විවිධ පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු නායකයින් හමුවීමට ද නියමිතය. ඇයගේ සංචාරය අතරතුර, පරිපාලක විසින් ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා එක්සත් ජනපදයේ තිරසාර සහයෝගය ඉස්මතු කරන අතර ආහාර සුරක්ෂිතතාව, ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය, ආර්ථික ස්ථාවරත්වය සහ කලාපයට යුක්රේනයට එරෙහි රුසියාවේ යුද්ධයේ බලපෑම සම්බන්ධ ගැටළු සාකච්ඡා කරනු ඇත.
සමන්අතා පවර් හිටපු අමාත්‍ය මංගල සමරවීර ගේ සමීපතම මිතුරියක්ද වන්නීය.