ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගෙන් විදේශ ඇමති දිනේෂ්ට ඇමතුමක්

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ඊයේ (29) සවස ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොමිපියෝ මහතා විසින් හදිසියේ දුරකථන ඇමතුමක් ලබා දී තිබේ.

මෙම දුරකථන සාකච්ඡාවේදී මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම (MCC) සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳව මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහමැතිවරණය සම්බන්ධයෙන්ද කතාබහට ලක් වූ බව අමාත්‍යංශය විසින් එවන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් ‍වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම කොවිඩ් 19 වසංගතය පාලනය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජයේ සහ ඇමෙරිකානු රජයේ සහයොගීතා වැඩසටහන්, ඇමෙරිකාවට පුද්ගල අරක්ෂක සෞඛ්‍ය ඇඟළුම් සැපයීම, ශ්‍රි ලංකා රජයට ඇමෙරිකාවෙන් වෙන්ටිලේටර සැපයීම, ත්‍රස්තවාදය මර්දනය කිරීමේ වැඩසටහන් ආරක්ෂක කටයුතු පිළිබඳවද වාර්තා එම නිවේදනයේ සඳහන් වේ.


Exit mobile version