ඇමරිකාවෙ මිනිස්සු එන්නත් ප්‍රතික්ෂේප කළා… දැන් ඔවුන් අපේ රටවලින් වෙළෙඳපල හොයනවා…. මහාචාර්ය තිස්ස විතාරණ

එන්නත් වෙළෙඳාමට හසුවී හැමෝම එන්නත් කරණ රටේ එන්නත්කරණයේ අවුල මහාචාර්ය තිස්ස විතාරණ පැහැදිළි කරයි.

Thissa Witharana

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමරිකාවේ විශාල වශයෙන් නිෂ්පාදන කළ මොඩාර්නා හා ෆයිසර් එන්නත එරට කළු හා දුඹුරු සමක් පවතන මිනිසුන් විසින් ලබා නොගත් බැවින් ඒවා තොග ගණනින් දුප්පත් රටවල් වෙත අලෙවි කිරීමට ක්‍රියා කරන බව වෛරසවේදය පිළිබඳ , ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු උපදේශක මහාචාර්ය තිස්ස විතිරණ සඳහන් කරයි.

මේ පිළිබඳව කළ විමසීමක දී මහාචාර්යවරයා සිය අදහස මෙසේ පැහැදිලි කළේය.

“කොවිඩ් රෝගය තරුණ ජනගහණයට සෑදුණත් එයට විරුද්ධව ඔවුන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිය ස්වාභාවයෙන්ම ගොඩනැගෙනවා… බැවින් ඔවුන්ව එන්නත්කරණයට ලක්කිරීමේ කිසිදු අමතර වාසියක් ලබා ගන්න බෑ.“

“ ලොව පුරා කොවිඩ් වැලදුණ තරුණ අය කෙරෙහි අවධානය යොමු කරද්දී ඔවුන්ට මෙම වයිරසයෙන් දැඩි බලපෑම් එල්ල වී නෑ… එය තමයි පෙනී ගොස් තිබෙන ඇත්ත…“

“එන්නත ලබා දිය යුත්තේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ නිධන්ගත රෝග සහිතව සිටින අවදානමක් ඇති පුද්ගලයින්ට. කොවැක්ස් පහසුකම් යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය නොමිලේම කොවිඩ් එන්නත සියයට 20 ප්‍රතිශතයක් ලබා දෙන බව මුලින්ම පවසා සිටියේත් වයස අවුරුදු 60 ඉක්මවූවන්ට ලබා දීමේ අදහසින්.

“ රෝගය වැලදුණ පුද්ගලයින්ගෙන් රෝගලක්ෂණ පෙන්වීම හා අවදානම් තත්ත්වයට පත්වන්නේ සියයට 20ක් දෙනා පමණයි. “

මහාචාර්ය තිස්ස විතාරණ කීවේය. ඔහු පවසන්නේ මේ එන්නත්කරණ සිදුවෙමින් ඇත්තේ පවතින තත්වය පිළිබඳව නිශ්චිත ඇගයීමකින් හා තක්සේරුවකින් තොරව බවය.

Exit mobile version