ඇමරිකාවෙන් එක් දිනකදී කොරෝනා රෝගීන් ලක්ෂ දහයක්

කොරෝනා ආසාදිතයින් ලක්ෂ දහයකට අධික පිරිසක් සදුදා දිනයේදී පමණක් ඇමරිකාවෙන් හදුනාගෙන තිබේ.

එරට ජෝන් හොප්කින් විශ්ව විද්‍යාලයට අනුව සඳුනා දිනයේදී නව ආසාදිතයින් දසලක්ෂ අසූ දෙදහස් පන්සිය හතලිස් නවයක් හදුනාගෙන ඇත.

මේ වන විට ඇමරිකාව තුල නව ඔමික්‍රෝන් ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යාම මෙලෙස ආසාදිතයින් වැඩිවීමට හේතුව වී ඇති බවද සෞඛ්‍ය බලධාරීන් පවසයි.


ඒ අනුව මේ මොහොත වන විට කොරෝනා වෛරසය ආසාදනය විම හේතුවෙන් පුද්ගලයන් ලක්ෂයකට අධික පිරිසක් ඇමරිකානු රෝහල්වල ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

මේ අතර ගතවූ දින හතක කාලය තුල එක් දිනකට ආසාදිතයින් තුන්ලක්ෂ හැට තුන්දහස් පන්සිය අනූ දෙකක සාමාන්‍යක් වාර්තා වී ඇති බවද ජෝන් හොප්කින්  විශ්ව විද්‍යාලය සඳහන් කරයි.

එමෙන්ම මේවනවිට ඇමරිකාවේ රෝහල් තුල කොරෝනා ආසාදිතයින් එක්ලක්ෂ තුන් දහසකට අධික පිරිසක් ප්‍රතිකාර ලබාගනිමින් සිටින බවද වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් පන්කෝටි හැට එක් ලක්ෂ අසූ නව දහස් පන්සිය හතලින් හතක්ද මරණ  අටලක්ෂ විසි හත් දහස් හත්සිය හතලිස් අටක් මරණයට වාර්තා වී තිබේ.

Exit mobile version