ඇමරිකානු බුද්ධි වාර්තා සමඟ කොරෝනා උපත ගැන විවාදය යළි කරළියට

US China covid

ඇමරිකාවේ බුද්ධි අංශ වාර්තාවක් හේතුවෙන් කොරෝනා වෛරසය චීනයේ විද්‍යාගාරයක්දී නිපදවූවක් බවට කෙරෙන විවාදය යලිත් කරලියට පැමිණ තිබේ.

එම වාර්තාවට අනුව චීනයේ වූහාන් හී වෛරස අධ්‍යානය ආයතනයෙිහී පර්යේකෂයින් තුන් දෙනෙකු 2019 වර්ෂයේ නොවැම්බර් මාසයේදී රෝගාතුරවීම හේතුවෙන් රෝහල්ගත කර ඇත.

ඒ අනුව කොරෝනා වෛරසය චීනයේ විද්‍යාගාරයක නිපදවන ලද්දක් බවට ඇති සැකය තිවෘ කිරීමට සමත්ව ඇති බව බීබීසි පුවත්සේවය සහ වොල්ස්ටී්‍රට් පුවත්වත වර්තා සඳහන් කරයි.


කෙසේවෙතත් චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට කියා සිටියේ කොරෝනො වෛරසයට ආසාදනය වී ඇති බවට සැකකල හැකි පලමු රෝගියා 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී 8 වැනිදා වාර්තා වූ බවයි.

ඒ අනුව මෙම රෝගීන් වාර්තාවීමේ කාලාපාරාසවල යම් ගැටීමක් ඇති බවටයි මෙම බුද්ධි වාර්තාවලින් පෙන්වා දෙයි.

එහෙත් කොරෝනා වෛරසයේ ආරම්භය සම්බන්ධයෙන් තවමත් සනාථ කරගැනීමට නොහැකි වූ බව ඇමරිකානු බුද්ධි අංශ සඳහන් කරයි.

කෙසේ වෙතත් වූහාන් ජාතික ජෛව විදශා ආරක්ෂණ විද්‍යාගරයේ හී අධ්‍යක්ෂක යුආන් සිමින්ග් මෙම වාර්තා ප්‍රතික්ෂේප කරනු ලබනවා. ඔහු කියා සිටින්නේ මෙම බුද්ධි වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

“මේ චෝදනා පදනම් විරහිතයි. මම දන්නේ නැහැ මේ වගේ තොරතුරු කොහොන් ලැබුන ඒවාද කියලා.” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක විසින්ද ඇමරිකානු බුද්ධි වාර්තා ප්‍රකාශ කර තිබෙනවා. “පසුගිය කාලයේදී චීනයේදී විශේසඥයින් විසින් කරපු පරීක්ෂණ වලින් විද්‍යාගාරයකින් වෛරසයක් මුදා හැරීමකින් කොරෝනා වෛරසය හටනොගත්ත බව සනාථ වෙලාතියෙනවා.” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධනය විසින්ද කොරෝනා වෛරසය චීනයේ ආරම්භ වූවක්ද පිළිබඳ සොයාබැලීමට පරීක්ෂණය් පැවැත්වූ අතර එහිදී පෙන්වා දුන්නේ කොරෝනා වෛරසය විද්‍යාගාරකින් මුදා හැරීමකට ලක්වූවක් බවට සැකකිරීමට අපහසු බවයි.

එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්නාදුන්නේ කොරෝනා වෛරසය වැලදුන් පුද්ගලයින්ට ඇතිවෙන ස්වසන අපහසුතා වලට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන සිදුවීම 2019 වර්ෂයේ දෙසැම්බර් මසට පෙර වාර්තා වූ බවට සාක්ෂි නොමැති බවයි.

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව ඇමරිකාවේ, බි්‍රතාන්‍යයේ සහ තවත් රටවල් කිහිපයක දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්වුනා. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ සත්‍ය දත්ත ප්‍රමාණවත් පරිදි නොපැවති බවයි.

එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය වාසි සහගත අයුරින් කටයුතු කළ බවත් එම සංවිධානය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සකස්කළ වාර්තාව සැකසීමට චීන විද්‍යාඥයින් 17 දෙනෙකු සම්බන්ධ වී ඇති බවටද එහිදී චෝදනා එල්ලවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම චීන විද්‍යාඥයින්ගෙන් කිහිපදෙනෙක්ම චීනයේ රජය අයත් ආයතන වල සේවය කරන්නන් බවද ඇමරිකාව ප්‍රමුඛ රටවල් විසින් පේනවා දෙනු ලැබීය.

Exit mobile version