ඇමරිකානු එම්සීසී ආධාරය ගැනීම ගැන චීනයෙන් නේපාලයට සද්දයක්

චීන නේපාල දෙරටේ මූලික අවශ්‍යතාවලට තර්ජනයක් වන බාහිර මැදිහත්වීම් සිදුනොවිය යුතු බවට චීන විදේශ ඇමති වැන්ග් යී නේපාලයට අනතුරු අගවා ඇතැයි වාර්තා වේ.

ඒ නේපාලය විසින් ඇමරිකානු එක්සත් ජනපද ආධාර ප්‍රදානයක් වන එම්සීසීය කත්මණ්ඩු පාලනය විසින් අනුමත කිරීමෙන් මාසයකට පමණ පසුව සිදුකළ නේපාල සංචාරය අතරතුරදීයි.

පසුගිය සතියේ සිදුකළ එම සංචාරයේ දී නේපාල විදේශ ඇමති නාරායන් ඛඩ්කා සහ අගමැති ෂෙර් බහදූර් ඩියුබා සමඟ කත්මණ්ඩු නුවර පැවති සාකච්ඡාවල දී වැන්ග් විසින් සියලු රටවල ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ බීජිං හි ස්ථාවරය යලි අවධාරණය කරඇති බව පැවසේ.


අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය ආරක්ෂා කිරීමට චීනය නේපාලය සමඟ එක්ව කටයුතු කරන බව චීන විදේශ ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

බල දේශපාලනයට විරුද්ධ වීමටත්, කලාපීය සාමයට සහ ස්ථාවරත්වයට දායක වීමටත් නේපාලය සමග කටයුතු කරන බව ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ජාත්‍යන්තර සම්බන්ධතා විශ්ලේෂකයින් පවසන්නේ, වොෂින්ටනයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ප්‍රදානයක් පිළිගැනීමට නේපාලය පසුගිය මාසයේ ගත් තීරණය නිසා නේපාලය තුල චීනයේ ජාතික අවශ්‍යතාවලට විය හැකි දෑ සිදුවිය විය හැකි බවට වැන්ග් නේපාලයට මතක් කර දුන් බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවෙතත්, නේපාල භූමිය තුළ චීනයට එරෙහි කිසිදු ක්‍රියාකාරකමක් සිදු කිරීමට ඉඩ නොදීමට කැපවන බවට නේපාල විදේශ ඇමති ඛඩ්කා මෙහිදී සදහන් කර ඇත.

Exit mobile version