ඇමති හරීන් ප්‍රනාන්දු මාලදිවයිනෙන් සමාව ඉල්ලයි!

Harin

පසුගියදා ජර්මනියේ බර්ලින් හිදි පැවැති ජාත්‍යන්තර සංචාරක වෙළෙඳ ප්‍රදර්ශනයකදී සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් මාලදිවයින පිළිබඳව කළ ප්‍රකාශයකට එරට සංචාරක අමාත්‍යවරයා ඇතුළු සංචාරක බලධාරීන්ගේ දැඩි විවේචනය එල්ල වීම හේතුවෙන් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට මාලදිවනෙන් සමාව ඉල්ලීමට සිදුව තිබේ.

එහිදී අමාත්‍යවරයා විසින් කළ ප්‍රකාශයකදී ශ්‍රි ලංකාවේ දී සංචාරකයන්ට අවස්ථා රැසක් පවතින බවත් මාලදිවයිනේ සිට දින කිහිපයක් ගත වෙද්දී ඒකාකාරී බවක් නිර්මාණය වන  බවත් පැවසූ බවට සමාජ මාධ්‍ය වාර්තා කර ඇති අතර මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මාලදිවයිනේ සංචාරක අමාත්‍යවරයා මෙන්ම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු ක්ෂේත්‍රයේ කිහිප දෙනකුම විවේචනය කර තිබුණි.

ඊට ප්‍රතිචාර දක්වන හරීන් ප්‍රනාන්දු අමත්‍යවරයා පවසන්නේ තමන් විසින් ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් කළ දීර්ඝ ප්‍රකාශයෙන් සංදර්භයට පිටින් ගෙන මාලදිවයන ගැන මෙලෙස වාර්තා කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවයි.

ශ්‍රි ලංකාවේ සංචාරක අසල්වැසියා මාලදිවයිනට මේ හේතුවෙන් යම් අපහසුතාවක් ඇති වී නම් සමාව ඉල්ලා සිටින බව ට්විටර් පනිවිඩයක් හරහා හරීන් අමාත්‍යවරයා පවසා ඇත.


 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 

Exit mobile version