මැති ඇමති ගොට්ටන්ට අත යටින් අධිවේගයේ මාර්ග බලපත්‍ර දීමෙන් ආණ්ඩුවට කෝටි 300ක් පාඩුයි… පුද්ගලික බස් සංගම් කියයි!

ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ හිතවත්කම් මත අධිවේගි මාර්ගවල ධාවනය වන බස්රථ සඳහා නව මාර්ග බලපත්‍ර ලබාදීම නිසා කෝටි ගණනක මුදල් වංචාවක් සිදුව ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සභාපති  ගැමුණු විජේරත්න  පවසයි.

බස් රථ 35ක් සඳහා පසුගිය දින කිහිපයේදීද තාවකාලික මාර්ග බලපත්‍ර ලබාදී ඇති බවත් එම බලපත්‍ර කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් ⁣හෝ පුවත්පත්වල දැන්වීම් පලකිරීමකින්  තොරව ලබා දී ඇති බවත්  ඔහු කියා සිටියේය.

එමගින් රුපියල් කෝටි 300ක පාඩුවක් රජයට සිදුව ඇති බව ගැමුණු විජේරත්න   සඳහන් කළේය.

2013 වසරේදී අධිවේගි මාර්ග සඳහා බලපත් ලබාදීමට ආරම්භ කළ බවත් එයින් බස් රථ 10ක් සඳහාවත් නිසි පරිදි ටෙන්ඩර් කැඳවා බලපත්‍ර ලබා දී නොමැති බවත් ඔහු තවදුරටත් කී⁣වේය.


“ජාතික ගමනාගමන කොමිෂන් සභාව හොරගුහාවක්,  මේ ආයතන කියන්නේ රටට ආදායම් උපයන මාර්ග. අනිසි විදිහට බස්රථවලට බලපත් ලබාදීම නිසා අහිමි වෙන්⁣නේ රටට ලැබෙන ආදායම්.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට මුදල් අමාත්‍යංශයේ නිලධාරියකුද නිතරගයෙන් පත්වෙනවා. ඔහුත් එතකොට මේ හොරකමට සම්බන්ධ වෙලානේ” යැයිද ඔහු කීවේය.

Exit mobile version