ඇමති කාංචන හා ගැටුණු මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක ඉවත් කිරීමට තීරණයක්!

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඒ සඳහා ඔහුට චෝදනා පත්‍රයක් සකස් කර ඇති බවත් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

ඔහු ඉවත් කිරීමට මේ වනවිට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ එකඟත්වය ලැබී ඇති බවත් පාර්ලිමේන්තුවේ පවතින ප්‍රතිපාදන අනුව ඔහු ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

උසස් පෙළ සිසුන් සඳහා අඛණ්ඩ විදුලිය සැපයුමක් ලබා දීමට අපොහොසත් වීම පසුපස විදුලි බල මණ්ඩලයේ නොහැකියාවට වඩා අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතු වූ බවට මහජන උපයොගීතා සභාපතිවරයා පසුගියදා කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන අමාත්‍යවරයා මෙම විදුලිය නොකපා නොසිටින තැනට විදුලිය බල මණ්ඩලය පත් කිරීමට හේතු වී ඇත්තේ මෙම සභාපතිවරයා නිසා බවද පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා


“මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ට්‍රිලියම් සමූහයේ අධිපති ජනක රත්නායක කියන පුද්ගලයා පසුගිය කාලය පුරාවටම ක්‍රියා කළේ තම පෞද්ගලික මතය අනුව. ඔහු විදුලි බල මණ්ඩලය සහ අමාත්‍ය මණ්ඩලය පසුගියදා ගාස්තු සංශෝධනය පිළිබඳව කළ ඉල්ලීම්වලට පිළිතුරු ලිපිය යවා අත්තේ කොමිසමක් හැටියට නොවෙයි. සෙසු සාමාජිකයන්ගේ දැනුවත් කිරීමකින් තොරව. මේ ගැන ඔවුන් මේ වනවිට සඳහන් කර තිබෙනවා. එ අනුව ඔහු ක්‍රියා කර ඇති ආකාරයේ මහජන උපයෝගීතා පනතට අනුව නීති විරෝධියි. අප මේ සම්බන්ධයෙන් පියවර ගන්නවා. “

“මෙතුමා කොමර්ෂල් බැංකුවේ සභාපති ලෙස පත් කරනන් කියල ඉල්ලා තිබුණා. එම නම යවල තියෙනවා… මහ බැංකුව ඔහුට යෝග්‍ය සහතිකය ලබා දිය නොහැකියි කිව්වා.. පසුගිය කාලයේ විවිධ චෝදනා තිබෙනවා කියල.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඔහු ක්‍රියාත්මක වන්නේ වෙනත් දේශපාලන පක්ෂයක ජාතික ලයිස්තුවක් බලාගෙන.“ යයිද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

Exit mobile version