ඇමති අවමංගල කටයුත්ත සිදුවන ආකාරය ගැන ජී.එම්.ඕ.ඒ අප්‍රසාදය

සමාජයට කියූ සියලු සමාජ ආරක්ෂණ නීති කඩලා... දෙවෙනි වසංගත රැල්ල ආවොත් කට උත්තර නැති වේවි...

ශ්‍රියානි විජේසිංහ – 

රට විවෘත කිරිමට පදනම් කළ  සෞඛ්‍ය පිළිවෙත පදනම් කරගත් සියලුම සමාජ ආරක්ෂණ මූල ධර්ම පැහැර හරිමින් සිදුකරන අමාත්‍යවරයෙකුගේ අවමංගල්‍ය කටයුත්ත   නිසා සිදුවිය හැකි අගතිය දැඩි අවධාරණයට හා අප්‍රසාදයට ලක් කරන බව , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අද (30) සවස කියා සිටියේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ඒ නිවේදනයේ සඳහන් වන්නේ තරාතිමර නොබලා මේ අවදානම තේරුම් නොගතහොත් මුලු රටම නැවතත් බරපතල අවදානම් තත්වයකට යන බවය.    මෙම කටයුතු හැකි විගස නිවැරදි කරගත යුතු බව ද එම නිවේදනයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

සෞඛ්‍ය නීති රිති වලට පටහැනිව සිදුවන මෙම ප්‍රභූ අවමංගල්‍ය කටයුත්තෙන් මුලු රටටම මුහුණ පෑමට සිදුවි හැකි සෞඛ්‍යය අවදානම පිළිබඳව නුවරඑළිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ අතුලු සියලු නිලධාරීන් තමන්ව  දැනුවත් කළ බව එම සංගමය  පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි වගකීම් රහිත කටයුතු වලින් නව සමාන්‍යකරණ නීති රිති පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳ වැටුණහොත් කොරෝනා වසංගතයේ දෙවන රැල්ල  වලක්වා ගැනීමට සියලු දෙනාටම අපහසු වනු ඇති බවට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු හඟවයි.

Exit mobile version