ඇදිරි නීති කට කතාව ගැන සීඅයිඩී පරීක්ෂණයක්

අද රාත්‍රියේ 12 සිට මැයි 17 තෙක් මුළු රටටම ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවට අසත්‍ය, ව්‍යාජ ප්‍රවෘත්තියක් ප්‍රචාරය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙවැනි ප්‍රවෘත්ති මඟින් ජනතාව කලබලයට පත් කිරීම, නොසන්සුන්තාවට පත්කිරීම මෙරට නීතිය යටතේ වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කොට පළ කරන පුද්ගලයින් පිළිබඳව සොයා බලා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද හෙතෙම කීය.


Exit mobile version