ඇඟපත හැඩ කර අතපය හුරු කරන ස්විස් සුනඛයන්ගේ ව්‍යායාම පාසල…

සුනේත්‍රා ඇතුගල්පුර
ඡයාරූප – ශෂී සුබ්‍රමනියම්

බල්ලෙකු සමග ගමන් කරන කාන්තාවක් දකින සෑම විටකදීම මගේ මතකයට නැගෙන්නේ “බල්ලා සහ යුවතිය” නැමැති ලෝකප්‍රකට කෙටි කතාවය. රුසියානු ජාතික Anton Tchekhov (ඇන්ටන් චෙකෝව්) විසින් ලියන ලද එම කෙටිකතාව සැළකෙන්නේ ඔහුගේ වඩාත් ජනප්‍රියතම ආදර කතාව ලෙසයි. මෙම කෙටිකතාව මගේ සිතේ කොතරම් ගැඹුරට කිඳා බැස තිබිය ද කිවහොත්, බල්ලෙකු සමග ගමන් කරන කාන්තාවක් දකින සෑම විටෙකම එය මගේ මතකයට නැගේ.

බල්ලෙකු නොමැතිව ජීවත් වියහැකි වූවත් එය තේරුමක් ඇති දෙයක් නොවේ… මේ පුවරුවේ සඳහන් වන්නේ එයයි..

අද මා ඔබට කීමට යන්නේ එක් බල්ලෙකු හා යුවතියක් පිළිබඳව පමණක් නොවේ,  බල්ලන් හා යුවතියන් රැසක් හමු වූ අවස්ථාවක් පිළිබඳවයි .
“සොනෙට්” හා නරීනා පවත්වාගෙන යන “වී. අයි. පී පොට්ලි” නැමැති සුනඛ පාසල පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ග්ලාරුස් හී බුක්හෝල් ප්‍රදේශයේය. එය වර්ග මීටර් තුන්සියක් පමණ විශාලත්වයකින් යුත් ස්ථානයකි. සුනඛ පාසලට ඇතුළු සැනින් මට දක්නට ලැබුණේ බල්ලෙකුව සම්පූර්ණයෙන්ම සිය අණසකට නතු කරගත් කාන්තාවකගෙ දර්ශනයකි.

“ඇන්ජලා” සිටගෙන සිටියේ සිය දකුණු අත ඔසවා ගෙනය. හරියට කෙනෙකු මෝහනයට පත් කරන්නාක් මෙන්ය. ඇගේ ඉදිරිපිට වාඩි ගෙන සිටියේ “බේලීය”. “වාඩිගෙන සිට්යේ යන්න වැරදීමකින් ලියුවක් නොවේ” එම සුනබයා ඇත්තෙන්ම සිටියේ වාඩි ගෙන ය .
සුනඛ පාසලේ වම් පස කෙළවරේ ඔවුන් සිට් ස්ථානයට මා යන විට ඇන්ජලාගේ මෝහනය අවසන්ය.


ඇන්ජලා” සිටගෙන සිටියේ සිය දකුණු අත ඔසවා ගෙනය. ඇගේ ඉදිරිපිට වාඩි ගෙන සිටියේ “බේලීය”

” බර්ලී” (bailey) අද සිය භාර කාරිය වන ඇන්ජලා සමග පැමිණ සිටින්නේ “පිට්නස්” pitness කිරීම සඳහාය. සාමාන්‍යයෙන් මිනිසුන්ට පිට්නස් pitness අවශ්‍ය විය හැකිය .එහෙත් සුනඛයින්ට මොන පිට්නස් ද ?…

මගේ පැනයට පිළිතුරු සැපයූවේ නෙරීනාය.

” සාමාන්‍ය සුනඛ පුහුණු කිරීම් වලට අමතරව අප තවත් විව්ධ පාඨමාලා හඳුන්වා දී තිබෙනවා. මෙහි අරමුණ මිනිසුන් හා සුනඛයින් අතර සබඳතාව පුළුල් කිරීම හා දෙපාර්ශ්වය අතර හොඳ මිත්‍රත්වයක් ඇති කිරීමයි. මේ වසරේ ඉඳන් අප හඳුන්වාදෙන නවතම පාඨමාලාව තමයි “පිට්නස්. ඊට අපට යහපත් ප්‍රතිචාර රැසක් ලැබුණා. “

“සුනඛ පිට්නස් මගින් කෙරෙන්නේ සුනඛයාට තමාගේ ශරීරය පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක් ලබා දීමය. ඉන් ලැබෙන ප්‍රතිඵල විශාලයි. එමගින් සුනඛයින් තමන්ගේ ශක්තිය පාලනය කිරීමට හා හැසිරවිමට පමණක් නෙමෙයි, අංග චලන ද ඉගෙන ගන්නවා” නෙරීනා සුනඛ පිට්නස් කාරියක් ලෙස පුහුණු ලැබු අයෙකි.

නේයා ගේ පිට්නස් ආම්පන්නය වූයේ බෝලයකි

ඇන්ජලා බර්ලි ට දකුණු පසින් “නේයා”සිය හිමිකාරිය වන riska රිස්කා මගින් පිට්නස් පුහුණුව ලබමින් සිටියේය. නේයා ගේ පිට්නස් ආම්පන්නය වූයේ බෝලයකි. ඌ ඒමත සිටගෙන සිටිය යුතුය .  නේයාගේ පිට්නස් කරන ආකාරය සම්බන්ධයෙන් ඇගේ හිමිකාරිය පසු වූයේ සතුටිනි .ඇය “නියමයි ,නියමයි “කියමින් නේයා දිරිමත් කළාය.

නේයාට ඉදිරි පසින් සිටින්නේ “කීරාය.  ඌගේ පිට්නස් ආම්පන්නය වූයේ විවිධ මතුපිට සහිත බංකුවක් හරහා ඔබ මොබ යාමය .
සුනඛ පිට්නස් බලමින් සිටි මා හට පෙනී ගිය ප්‍රධානතම කරුණ වූයේ එය තමන්ට අත්‍යවශය කටයුත්තක් ලෙස සුනඛයින් නොසලකන බවය. එය කරන්නේ සිය හිමි කාරයින්ට අවශ්‍ය නිසාය. ඒ නිසා සුනඛ හිමිකාරියන් ගෙන් සුනඛයින්ට කිසියම් රසවත් ආහාරයක් ලැබේ. එය සන්තෝසමකි.

කීරාගේ පිට්නස් කලේ විවිධ මතුපිට සහිත බංකුවක් හරහා ඔබ මොබ යමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක් එක් සුනඛයින් වෙන වෙනම ගාල් කොට පිට්නස් කිරීමද විශේෂත්වයකි. ඒ අනෙක් සුනඛයින්ට බාධාවක් නොවන ලෙස ය. මෙමගින් ඔවුන්ගේ අවධානය පිට්නස් කෙරෙහි රඳවා තබා ගැනීමට උපකාරී වෙයි .


Exit mobile version