රාජ්ය මට්ටමින් කරන ලද ඉල්ලීම් අනුව ශ්රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 3ක ක්ෂණික ණය ආධාර ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුව නිවේදනය කරයි.
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා නවේදනය කර ඇත්තේ ශ්රී ලංකාවට සේම විපතට පත් වූ අග්නිදිග ආසියානු රටවල්වන තායිලන්තයට ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් සහ වියට්නාමයට ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් දක්වා මුදලක් ලබා දීමට ද ආසියානු සංවර්ධන බැංකුව සැලසුම් කර ඇති බවය.
ශ්රී ලංකාව ඇතුළු රටවල් මුහුණ දුන් දරුණු සුළි කුණාටු හානිවලින් පසු රට ගොඩනැන්වීම සඳහා දියත් කර ඇති හදිසි සහ මානුෂීය උත්සාහයන් සඳහා මෙම ප්රදාන ලැබෙන බවත් ආසියා පැසිෆික් ආපදා ප්රතිචාර අරමුදලෙන් මෙම ප්රදානයන් වෙන් වෙනු ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.
“මෙම විනාශකාරී ගංවතුර නිසා ඇති වූ දුක් වේදනා ගැන මම දැඩි ලෙස කණගාටු වෙමි,” මොසාටෝ කන්දා ප්රකාශ කර ඇත.
“ජීවිත බේරා ගැනීමට සහ ප්රජාවන් නැවත ගොඩනැගීමට ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලබා දෙන බවට ශ්රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල රජයන්ට සහ ජනතාවට සහතික විය හැකියි. මෙම භයානක සිදුවීම්වලින් පීඩාවට පත් වූවන්ට නවාතැන්, සැනසීම සහ බලාපොරොත්තුව ගෙන ඒම සඳහා අපි රජයන් සමඟ ඉක්මනින් සහ සහයෝගයෙන් කටයුතු කරන්නෙමු.” සභාපතිවරයා ප්රකාශ කර කළේය.
ගංවතුර හේතුවෙන් දකුණු සහ අග්නිදිග ආසියාව පුරා ජීවිත හානි සහ දේපළ හා යටිතල පහසුකම් වලට හානි සිදුවී ඇත.
ආසියානු සංවර්ධන බැංකුව යනු ආසියාව සහ පැසිෆික් කලාපය පුරා ඇතුළත්, ඔරොත්තු දෙන සහ තිරසාර වර්ධනයට සහාය වන ප්රමුඛ බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවකි. 1966 දී ආරම්භ කරන ලද ආසියානු සංවර්ධන බැංකුවෙහි සාමාජිකයෝ 69 දෙනෙකු වෙති.







