ආසියානු කලාපයේ ගැටුම් පිටිපස සිටින තුර්ක අන්තවාදීන් ගැන අනාවරණයක්

කසකස්ථානයේ පසුගියද ඇතිවූ ආණ්ඩු විරෝධී විරෝධතා පසුපස තුර්ක අන්තගාමී කණ්ඩායම් සිටින බවට සැකයක් හටගෙන ඇති බව ඉකොනොමික්ස් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව තුර්ක අන්තගාමී කණ්ඩායම් මධ්‍ය සහ බටහිර ආසියානු කළාපයේද පාකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ සහ අප්‍රිකානු කලාපයේද ක්‍රියාත්මක වෙමින් පවතින් බවත් ඔවුන් එම කලාප තුල ඇති වූ ගැටුම් වලට ප්‍රධාන සාධකය බවටද සැකකරන බව අදාල පුවත්පත් වාර්තාවෙන් පෙන්වා දෙයි.

එමෙන්ම කසකස්ථානට මෙම අන්තවාදී කණ්ඩායම් වල බලපෑම් විශාල වශයෙන් එල්ලවනට ඇති බවත් දශක ගණනාවක සිට ඔවුන් මෙම කළපයේ සිය වැසටහන් ක්‍රියාත්මක කරන්නට ඇති බවටද සැකපළකරයි.


මෙම අන්තවාදී කණ්ඩායම් පාකිස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානයේ සිදුවූ ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට සම්බන්ධතාවයන් පිළිබඳ මේවන විටත් ආරක්ෂක අංශ විසින් විමර්ශනය කරමින් සිටින බවද එම පුවත්පත සඳහන් කරයි.

මේ අතර කසකස්ථාන බලධාරීන් විසින් එරට ඇති වූ ආණ්ඩු විරෝධී ගැටුම් ත්‍රස්ථාවදී ක්‍රියාවක් බවට රුසියාව සහ කසකස්ථාන බලධාරීන් චෝදනා කරන අතර ඊට විදෙස් බලවේගවල සහයද ලැබී ඇති බවට ඔවුන් චෝදන කරයි.

ඉකොනොමික්ස් ටයිම්ස් පුවත්පත වාර්තා කරන අන්දම කාසකස්ථාන බලධාරීන් විසින් ආණ්ඩු විරෝධී රැලි ඉතා සැලසුම් සහගතව සිදුකරන ලද්දක් වන අතර ඊට සම්බන්ධ වූවන් මනා යුද පුහුණුවක් ලැබූවන් බවටද සඳහන් කර ඇත.

කසකස්ථානයට ඇති වූ ගැටුම් එක්වට රට පුරා දියත්වු අතර එරට වැදගත් රජයට අයත් ගොඩනැගිලි අත්පත් කරගැනීමටද එහිදී ගැටුම් වලට එක්වූවන් පියවර ගෙන තිබිණි.

එහිදී ඔවුන් අතිශයින් වැදගත් වන ගුවන්තොටුපලක්ද අත්පත් කරගැනීමට උත්සහ කළ අතර ආරක්ෂක අංශ දියත්කළ මෙහෙයුම් වලින් අනතුරුව එම ප්‍රයත්නය අසාර්ථක විය.

ඇතිව තිබූ තත්ත්වය පාලනය කිරීමට රුසියානු භට පිරිස්ද එක්වූ අතර ඔවුන්ගේ ආගමනයත් සමඟ තත්ත්වය පාලනය කිරීමට හැකියාව ලැබිණි.

මේ සම්බන්ධයෙන් කසකස්ථාන බලධාරීන් ඉකොනොමික්ස් ටයිම්ස් පුවත්පතට අනාවරණය දකර ඇත්තේ මෙම ගැටුම් වලට සම්බන්ධ පුද්ගලයින් කාලයක පටන් එරට තුල රැදී සිටිමින් මෙය සැලසුම්කර ඇති අතර එම ප්‍රහාර කසකස්ථාන ආරක්ෂක අංශ බලාපොරොත්තු නොවුන් අයුරින් දියත්කර ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මේවන විට මෙම ප්‍රහාරවලට සම්බන්ධ දස දහසකට අධික පිරිසක් කසකස්ථාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේද නව අග්‍රමාත්‍යවරයෙකු පත්කිරීමටද නියමිතය.

Exit mobile version