ආරක්ෂක ලේකම් කිව්වාට හිටපු නීතිපති දප්පුලගෙන්  ප්‍රශ්න කරන්න පොලිසියට බැරිලු !

දප්පුල සිය අදහස් දක්වා ඇත්තේ නීතිපතිවරයා ලෙසයි... එය ඔහුගේ පුද්ගලික මතය නොවෙයි... පොලිසිය කියයි!

පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බව ප්‍රකාශ කිරීමක් සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ලිවේරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරනු ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න   පසුගියදා සඳහන් කළද පොලිසියට එවැනි පියවර ගැනීමට ඉඩක් නොමැති බව පොලිස් නීති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී හිටපු නීතිපතිවරයා දැන් සාමාන්‍ය පුරවැසියෙක්වන බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුගෙන් ප්‍රශ්න කළ හැකි බවට ආරක්ෂක ලේකම්වරයා විසින් ප්‍රකාශ කරනු ලැබුවද එම ප්‍රකාශය සම්බන්ධයෙන් පොලීසිය අභ්‍යන්තරයේ දැවැන්ත කතා බහක්ද ගොඩ නැගී ඇත.

හිටපු නීතිපති දප්පුල ලිවේරා  පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බව ප්‍රකාශ කරන්නේ නීතිපතිවරයාව සිටියදී බැවින් ඒ සම්බන්ධයෙන් පොලිසියට ප්‍රශ්න කිරීමට නොහැකි බව පොලිස් නීති අංශවල මතය වී ඇත.


සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු දප්පුල ලිවේරා  මහතා පාස්කු විමර්ශනය ගැන හෝ වෙනත් අපරාධ විමර්ශන ගැන සිය මතය ප්‍රකාශ කර නොමැති අතර පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බව සිය මතය ඔහු ඉදිරිපත් කර ඇත්තේ නීතිපතිවරයා ලෙසිනි.

එසේම එය සිය පෞද්ගලික මතය බව ඔහු පවසා නැති අතර දිගින් දිගටම පොලීසිය දැනුවත් කර ඇත්තේ ඒ ගැන විමර්ශන පවත්වන ලෙසටය. ඒ අනුව හිටපු නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමක් සිදු විය නොහැකි බව පොලීසියේ බහුතරයකගේ මතය වී ඇත.

ඊට හේතුව නීතිපතිවරයාව සිටියදී ඔහු විසින් විමර්ශන පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති ඉසව් සම්බන්ධයෙන් විමර්ශන තවමත් අවසන් වී නැති බැවිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාස්කු විමර්ශනවල අඩුපාඩු දිගින් දිගටම පෙන්වා දෙමින් නැවත නැවත ලිපිගොනු නිසි පරිදි සකස් කරන ලෙසද ඔහු නීතිපතිවරයාව සිටියදී පොලීසියට උපදෙස් ද දුන්නේය.

Exit mobile version