ආමි සම්පත්ට නඩු නෑ…. බී වාර්තා නඩු ලිපිගොනු ග්‍රෑන්ඩ්පාස් පොලිසිය අතුරුදන් කරලා..

2001 සිට සංවිධානාත්මක අපරාධ කරුවන්ගේ නඩු පොත් 50ක් අතුරුදන්... 20ක කොල කඩලා...

රන්සෙම්බුගේ සම්පත් චාමර ෆොන්සේකා හෙවත් ආමි සම්පත්

රන්සෙම්බුගේ සම්පත් චාමර ෆොන්සේකා හෙවත් ආමි සම්පත් නැමැති සංවිධානාත්මක අපරාධරුවා ගේ නඩුවලට අදාල බී වාර්තා අතුළු දැනට ඔහු සම්බන්ධව අධිකරණයේ විභාගවන නඩුවල අදාල නඩුපොත් හා  ලිපිගොනු  ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අතුරුදන් කර ඇති බව වාර්තා වේ.

මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ  වර්ෂ 2001   සිට ග‍්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය භාරයේ තිබූ අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව සිදුකළ විමර්ශන හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම්වලට අදාළ සටහන් සහ තොරතුරු ඇතුළත් නඩු පොත් 50කට වැඩි සංඛ්‍යාවක් මෙසේ අතුරුදන්ව ඇති බවය.

එමෙන්ම ආමි සම්පත් අතුළු අපරාධකරුවන් ගණනකට අදාල අධිකරණ  වාර්තා සටහන්ව තිබූ තවත් නඩු පොත් 20ක පිටු ගලවා ඇතැයි අනාවරණය වූ බව  බස්නාහි පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  පවසයි.


නඩු සටහන් හා ලිපිගොනු අතුරුදන් කළ පසු ආමි සම්පත්ට  එරෙහිව අධිකරණයේ විභාග වන  නඩු දීර්ඝ කාලයක් අධිකරණය හමුවේ කැඳවා නොමැති බවත් හෙළි වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධ මූලස්ථාන පරීක්ෂණයක් කරන බව බස්නාහිරප පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

Exit mobile version