බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආපදා සහන විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමව ජනතාව වෙත ගෙන යාමට නව ඩිජිටල් පද්ධතියක්!

by editor
ජනවාරි 2, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙත කඩිනම් සහන සේවා පූර්ණ විනිවිදභාවයකින් යුතුව ලබා දීම සහතික කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් විශේෂ තොග පාලන පද්ධතියක් (Inventory Control System) ක්‍රියාවට නැංවීමට රජය පියවර ගෙන තිබේ.

මෙම පද්ධතියේ ඉදිරි කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (01) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර ජනාධිපති කාර්යාලය, ආරක්ෂක අමාත්‍යාංශය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC), ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ සයන්ටර් ටෙක්නොලොජීස් (Scienter technologies) පුද්ගලික සමාගම යන ආයතනවල නිලධාරීහු ඊට සහභාගී වූහ.

ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීම මත, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) වෙත හඳුන්වා දී ඇති මෙම නව මෘදුකාංග පද්ධතිය මගින් ආපදා සහන බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් කෙරේ. විදේශ රාජ්‍ය, ජාත්‍යන්තර ආයතන, විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව සහ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන සියලුම ද්‍රව්‍යමය ආධාර, රැස් කිරීමේ සිට අවසන් ප්‍රතිලාභියා වෙත බෙදා හැරීම දක්වා නිවැරදිව වාර්තා කිරීම සහ කළමනාකරණය කිරීමේ හැකියාව මෙම පද්ධතිය සතුය.

මෙම පරිගණක පද්ධතිය මගින් විදෙස් රටවලින් ලැබෙන මූල්‍ය නොවන විදේශ ආධාර සම්පූර්ණයෙන් පරිගණකගත කෙරෙන අතර එම භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලිය, ගුවන් හෝ නැව් මගින් භාණ්ඩ ලැබීමේ සිට ආධාර අවශ්‍ය වන අවසාන පාරිභෝගිකයා දක්වාම පද්ධතිය මගින් අධීක්ෂණය කිරීම සිදුකෙරේ.

නව ක්‍රියාවලියට අනුව, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයට අයත් ඔරුගොඩවත්ත ප්‍රධාන ගබඩාවේ ආධාර තොග ගබඩා කරනු ලබන අතර, ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් පවතින අවශ්‍යතා හඳුනා ගෙන ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් මෙම පද්ධතිය ඔස්සේ ඒ සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

එම ඉල්ලීම් දිස්ත්‍රික් ලේකම්වරයා මගින් සෘජුවම ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන අතර, අනතුරුව, අදාළ ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් අදාළ ග්‍රාම නිලධාරී වසමේ විපතට පත් ජනතාව වෙත බෙදා හැරීම සිදු කෙරේ.

මෙම සියලු පියවර පිළිබඳ තොරතුරු පද්ධතිය තුළ සටහන් වන බැවින්, අතරමැදි ප්‍රමාදයන් මඟහරවා, සැබෑ ලෙසම ආපදාවට පත් වූ පුද්ගලයින් වෙතම සහන ළඟා වන බව තහවුරු කිරීමටත්, ලැබෙන ආධාර සම්බන්ධයෙන් පූර්ණ විනිවිදභාවයක් පවත්වා ගැනීමටත් හැකි වේ.

මෙම මෘදුකාංග පද්ධතිය සයින්ටර් ටෙක්නොලොජීස් (Scienter Technologies) පුද්ගලික සමාගම විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දී ඇත. ඊට අදාළ තාක්ෂණික සහාය ඔරෙල් ක්ලවුඩ් (Orel Cloud) සහ මයික්‍රොසොෆ්ට් (Microsoft) යන ආයතන විසින් නොමිලේ ලබාදීමට එකඟ වී තිබේ.

ඒ අනුව ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම එළඹෙන සතියේ දී සිදු කිරීමට මෙම රැස්වීමේදී සියලුම පාර්ශ්ව එකඟතාව පළ කළ අතර, පද්ධතියේ ඉදිරි සංවර්ධන පියවරක් ලෙස, ග්‍රාම නිලධාරීන්ට ආපදා තත්ත්ව ක්ෂණිකව වාර්තා කළ හැකි ජංගම දුරකථන යෙදුමක් (Mobile App) නොමිලේම නිර්මාණය කර දීමටද සයන්ටර් ටෙක්නොලොජීස් සමාගම එකඟ විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධර්මශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු මගට…

Next Post

ඇප පිට පැමිණ යළිත් වරක් සභා ලේකම්වරියට පාට් දැමූ මතුගම ප්‍රාදේශීය සභා සභාපති රිමාන්ඩ්!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.