ආණ්ඩුව නොකළ දේ මිනිස්සු කරති… ගම්පහ, මරදගහමුල, වේයන්ගොඩ ස්වයංව ලොක් වෙයි..

door-

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මරදගහමුල, ගම්හප, වේයන්ගොඩ නගරවල වෙළෙඳසල් හෙට සිට සතියක කාලයක් වසා දැමීමට එම වෙළෙඳ සංගම් තීරණය කර තිබේ.

රට පුරා දරුණු ලෙස පැතිරී යන කොවිඩ් වසංගතය පාලනය සඳහා සෞඛ්‍ය අංශයට සහාය දීමක් ලෙස මෙම ක්‍රියා මාර්ගයට එළඹි බව වෙළෙඳ සංගම් පවසයි.

දෛනිකව රට තුළ සිදුවන මරණ, ආසාදිතයන් වැඩි වීම බලාපොරොත්තු නොවන සේ ඉහළ යෑම හේතුවෙන් පුරවැසියන් ලෙස සෞඛ්‍ය අංශය ගෙන යන අරගලයට දායක වීම සඳහා මෙම තීන්දුව ගත් බව ද වෙළඳ සංගම් කියයි.

Exit mobile version