“ආණ්ඩුව දැන්වත් බොරු නවත්තලා ආපු රටවලටම ආපහු යන්න”- මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න

රටේ කුමන ප්‍රශ්නය ආවත් ‘අද ගොඩ වෙදා තීයරියට ආණ්ඩුව වැඩ කරන බවත්, ලෙඩේ කුමක් වුවද එකම බෙහෙත වන කාර්ය සාධක බළකා පත්කරන බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ල‍ිමේන්තුවේදී පැවසීය.

හදිසි නීති රෙගුලාසි පිළිබඳ ඊයේ පැවති විවාදයේදී හෙතෙම වැඩිදුරටත් මේ බව කීය.

“අද වසංගතය මර්ධනය කිරීමට මිනිස්සු මර්දනය කරන පනත් තමයි අනුමත කරගෙන තිබෙන්නේ. වසංගතයට කිසිම පනතක් ගෙනත් නැහැ අවුරුදු එකහමාරකට. මිනිස් ඉතිහාසයේ වසංගත මර්දනය කරලා ජීවිත රැක ගෙන තිබෙනවා. ඒ වසංගතය සමඟ සටන් කරලා මිසක් අණපනත් ගෙනැල්ලා මිනිස්සු මර්දනය කරලා මේක කරන්නට බැහැ. අපේ ප්‍රමුඛත්වය ලැබෙන්න ඕන වසංගතය මැඩීමට. නිසි කලට නිසි තීන්දු නොගෙන මොකටද මේ මර්දන අණපනත් ගිහින්නෙ හදිසි නීතියෙන් පුළුවන්ද දවසකට මියයන යන දෙසීයෙන් එක්කෙනෙක්වත් අඩු කරගන්න. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට අපි කියනවා ඔබලා මේ දරුණු සෙල්ලමක් කරන්නේ. කරුණාකර ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. ජනතාව නොමග යවමින් මේ කරන්නේ මාරාන්තික සෙල්ලමක්.


අත්‍යවශ්‍ය සේවා සැපයීම් හා හදිසි නීතිය අතර තියෙන තියන සම්බන්ධය මොකක්ද? හරියට අල හොදි බෝල්ට් ඇණයි එකට දානවා වගේ වැඩක් මේක.

කරන්න තිබුනේ හදිසි නීතිය පැනවීම නෙමේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමයි. ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත යටතේ. ඊළඟට ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවක් පත්කරන්න තිබුණා. සභාපති ජනාධිපතිතුමා. උප සභාපති අගමැතිතුමා. මුදල් අමාත්‍යවරයා සිට අමාත්‍යවරුන් විස්සක් විතර ඊට පත් කරන්න පුළුවන්. මේක තමයි කදිම යාන්ත්‍රණය. ව්‍යසනය සම්බන්ධ මුදල් පවා කළමනාකරණ කරන්නේ මේ කමිටුව හරහා. ඖෂධවල ඉඳලා ඇන්ටිජන් දක්වාම කතා අහන්න වෙලා තියෙනවා අද.

අද ගොඩ වෙදා තියරියට තමයි ආණ්ඩුව වැඩ කරන්නේ ලෙඩේ මොකක් උනත් එකම බෙහෙත දෙන්නේ. කොයි ප්‍රශ්නේ ආවත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටවනවා. corona, කාබනික පොහොර, ආර්ථිකය ගොඩනගන්න විතරක් නෙවෙයි පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරන්නටත් කාර්ය සාධක කාර්ය සාධක බළකායක් පිහිටවනවා. සහෝදරයන් දෙන්නෙක් දානවා ඥාති පුතෙක් දානවා. විශ්‍රාමික හමුදා නිලධාරීන් කිහිප කිහිපදෙනෙක් දානවා. ඔය තවත් කාගේහරි කවුරුහරි කිහිප දෙනෙක් ඕකට දානවා. කාර්ය සාධක බලකාය කියලා පිහිටවනවා. හැබැයි එකකින්වත් වැඩක් වුණා කියලා අහන්න ලැබෙනවා ද? සාකච්ඡා තියනවා සන්දර්ශන තියෙනවා පම්පෝරි ගහනවා. එකකින්වත් වැඩක් වෙලා තියෙනවද? මේ කාර්ය සාධක බලකා දැමීම ගැන අනතුරු ඇඟවීමක් කරන්නත් ඕනේ. ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙමෙයි මේක ජනාධිපති වෙලා ඉන්න යන්නේ තවත් ජනාධිපතිවරු මේකට එන්න යනවා. මේක වැරදි පූර්වාදර්ශයක් වෙනවා. ආයතන යාන්ත්‍රණ තිබියදී අහසින් විශේෂ කාර්ය සාධක බලකා ගෙනත් දාල. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් ඉන්නවා රාජ්‍ය අමාත්‍යවරු රාජ්‍ය ආයතන තිබෙනවා. මේ සියල්ල අතාර්තික කරන කටයුත්තක් තමයි මේ ක්‍රියාත්මක කරලා තියෙන්නේ. සීමිත ජුන්ටා තීරණවලට යන එක සුදුසු නැහැ. විශේෂඥයන් පැත්තකට දාන්න එපා විෂය ගැන කිසිම අවබෝධයක් නැති පිරිස් විධාන දෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැන් මේ බොරු නවත්තලා ගෙදර යන්න.. ආපු රටවලටම යන්න. අපිට තියෙන්නේ මේ රට විතරයි! අපි අපේ ජනතාව සමග එකතුවෙලා රට නැවත මුල සිට ගොඩ නගනවා” යැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

Exit mobile version