ආණ්ඩුවේ අනුමැතියක් නැතිව ලොතරැයි මණ්ඩලය කෝටි 200ක් ප්‍රචාරණේට වියදම් කරලා

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව ජාතික ලොතරැයි මණ්ඩලය සිය ප්‍රචාරණ කටයුතු සඳහා 2019 වසරේ දී රුපියල් එකසිය තුන් කෝටි හැත්තෑ තුන් ලක්ෂයකට අධික මුදලක් ( රුපියල් 103,73,45636ක් ) වැය කර ඇති බව විගණන වාර්තා හෙළි කරයි. එම වාර්තාවලට අනුව පෙර වසරේ එනම් 2018 වර්ෂයේ ප්‍රචාරණ කටයුතු සඳහා වැය කර ඇත්තේ මුදල රුපියල් එකසිය දෙකෝටි තිස් පන් ලක්ෂ හත්දහස් හත්සිය හැට පහකි.

ජාතික ලොතරැයි මණ්ඩලය මේ අයුරින් වසර දෙකක් සඳහා සිය ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි දෙසිය හයකට අධික මුදලක් වැය කර ඇත්තේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව බව විගණකාධිපතිවරයා විසින් කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

සාමාන්‍යෙයන් සකස් කරන ලද ප්‍රචාරණ සැලැස්ම සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට වන චක්‍රලේඛයක් ඇතත් මණ්ඩලය එම චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කර නැති බව එහිදි හෙළිව තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් කෙරුණු විමර්ෂණයේදී ගොතරැයි මණ්ඩලය විගණකාධිපතිවරයාට දන්වා ඇත්තේ වාර්ෂික ප්‍රචාරණ අයවැය සැලැස්මක් සකස් කර එය මණ්ඩලයේ සමස්ත අයවැය ලේඛනයට ඇතුළත් කරන බවත් ඒ සඳහා මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යොමු කර තිබෙන බවය.

Exit mobile version