ආචාර්ය ජීවන්දරලා අවදානම් කොවිඩ් ප්‍රභේද හා විකෘති සොයන පරීක්ෂණ අරඹති…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරට පැතිර යන ඉහළ අවදානමක් සහිත කොරෝනා වයිරස් ප්‍රභේද සහ විකෘතිතා හඳුනා ගැනීමේ පරීක්ෂණයන් අද (03) ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවිද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරයි,

මෙම පරික්ෂණයන් සඳහා කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් 94 දෙනෙකුගෙන් නියදි ලබාගත් අතර ඒවා පරික්ෂණයන්ට ලක් කිරිමට නියමිත බවද ඔහු පැවසීය.

එම පරීක්ෂණ පිලිබද වාර්තාවන් හැකි ඉක්මනින් සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදීමට කටයුතු කරන බවත් වෛද්‍ය ජීවන්දර කීවේය.

ලබන සතියේදී දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්ගෙන්ද නියැදි ලබාගෙන පරික්ෂණ ආරම්භ කිරිමට කටයූතු කරන බවත් එහි දී අවදානම් සහිත කොරෝනා වයිරසයන් රට තුළ පැතිරී ඇති ආකාරය හෙළිවනු ඇති බවත් වනු ඇතැයි අධ්‍යක්ෂවරයා පැවසීය.

Exit mobile version