අහඹු ලෙස කළ ඇන්ටිජන් පරීක්ෂණයෙන් ඇසළ පෙරහර කතරගම දේවාල ශිල්පීන් 76න් 46කට කොවඩ්

මහනුවර ඇසළ මහා පෙරහරට හා සම්බන්ධ  කතරගම දේවාල පෙරහරට සම්බන්ධ වූ  ශිල්පීන් 76 දෙනෙකුගේ  අහඹු ලෙස කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක දී  ඉන් 46 දෙනෙකුට කොවිඩ් ආසාදනය  වී ඇති බව තහවුරු වී ඇතැයි වාර්තා  වේ.

පෙරහර නිමවීමෙන් පසු  ඊයේ (21) සිදුකළ මෙම ඇන්ටිජන් පරීක්ෂාවෙන් පසු කොවිඩ් වෛරසය ශරීරගතව තිබෙන බවට හඳුනාගත් පිරිස පෙරහර කටයුතුවලින් ඉවත් කිරීමට  පියවර ගෙන ඇත.

මහනුවර ජාතික රෝහලේ සහ මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශ මගින් පෙරහර මංගල්‍යයට සම්බන්ධවන කලාකරුවන් ඇතුළු පිරිස  මසේ   අහඹු ඇන්ටිජන් පරීක්ෂාකවට ලක් කර තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ශිල්පීන් සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් ශිල්පීන්ය.

Exit mobile version